සුපිරි තරු පංතියේ හෝටල්, රාත්‍රී සමාජ ශාලා, සංචාරක නවාතැන් , තානායම් ඇතුළු ස්ථාන 14,000ක් මේ වසරේ මත්පැන් බලපත්‍ර ගාස්තු වලින් නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.
යළි මෙම ගාස්තු අයකිරීම සඳහා නියමිත දිනයක් පවා සඳහන් නොකරමින් මෙම සහනය ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කර තිබෙනවා.
මේ මගින් රජයට වසරකට අහිමිවන බදු අදායම රුපියල් කෝටි 40 කට අධික බවයි පැවසෙන්නේ.
මෙම සහනය ලබාදීමට නියමිත තරු තුනේ සහ තරු පහේ පන්තියේ හෝටල් වලට අමතරව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ පවා ලියාපදිංචි නොවූ ස්ථාන රැසක් ඇති බව ද හෙළි වී තිබෙනවා.
මෙම තීන්දුව මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙන ඇති බවද සඳහන්.
© මුලාශ්‍රය – lankatruth.com


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට