වත්මන් ආණ්ඩුව ඉතා කෙටි කලකින් පිරිහීමට ලක්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පෙන්වා දෙනවා.
තමන් සියල්ල දන්නා බව සිතන සහ තම වචන චක්‍රලේඛ බව කියමින් කටයුතු කරන පාලකයන් සිටී නම් එවැනි රටකට සාර්ථක විය නොහැකි බවත් එවැනි පාලකයන් අසාර්ථක වන්නේ තමා පාලනය කරන රටද සමගින් බවත් විජයවර්ධන මහතා පෙන්වා දුන්නේ අද උදැසන සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
2021 අයවැය සම්බන්ධයෙන්ද අදහස් පළකල විජයවර්ධන මහතා මෙවර අයවැය අළු ගොඩකට පිම්ඹාක් වැනි අයවැයක් බවද සඳහන් කළා.
මෙරට ආර්ථිකය කඩා වැටීමේ වගකීම කොරෝනාවට හෝ පසුගිය රජය පිට පැටවීමට උත්සහ දරන ආණ්ඩුවම භාර ගත යුතු බවද පෙන්වාදුන් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා, වත්මන් ආණ්ඩුව විසින් බලයට පත් වූ විගස බදු අදායම් අහිමි කර ගැනීම ඊට ප්‍රධාන හේතුවක් වූ බවද පෙන්වා දුන්නා.
ආණ්ඩුව විසින් රට මුහුණ දෙන බරපතල ආර්ථික අර්බුධ වලට මුහුණ දීම සඳහා යොදා ගන්නා සැලැස්ම වහා රටට හෙළි කල යුතු බවද ඔහු සදහන් කළා.
අදාල වීඩියෝව පහළින්
අත නොහැර කියවන තැන
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක
රාජ්‍ය සේවයේ ගෙවීම් DIGITAL වේදිකාවකට මාරු කෙරේ
ආනන්ද විජේපාල දරන මහජන ආරක්ෂක ඇමති ධූරය සහ ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි පෙත්සමක්