බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් 30 දෙනෙකු සඳහා සිදුකළ PCR පරීක්ෂණයක ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව ඉන් 10දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගෙන තිබෙනවා.
ඒ අනුව අද (04) පස්වරුවේ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථනය වසා දැමීමට පියවර ගැනුණා.
දින 04 ක කාලයක් සඳහා මෙලෙස ආර්ථික මධ්‍යස්ථනය වසා දමා තිබෙනවා.
ඒ අනුව ලබන සඳුදා වන විට ආර්ථික මධ්‍යස්ථාන විෂබීජානුහරණය කිරීමෙන් පසු විවෘත කිරීමට නියමිත අතර මධ්‍යස්ථානයේ සියලු වෙළෙන්දන් සඳහා ද පී.සී.ආර් පරීක්ෂණ හෙට(05) දිනයේදී සිදු කිරීමටද සැලසුම් කර තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදනය වූ වෙළෙන්ඳන් අතර එළවළු, පලතුරු සහ විවිධ වෙළදාමේ යෙදෙන පුද්ගලයන් කිහිප දෙනෙකුම සිටි බවට වාර්තා වන අතර සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ පසුගිය දිනවල බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථනය සමග ගණුදෙනු කළ ජනතාව මේ පිළිබඳ සැලකිලිමත් වියයුතු බවයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට