Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බොරු කියල මඩ ගහන්න එපා – සීනි පොල්ල මැදට රවී පැටලෙයි

රවී කරුණානායකගේ දියණියගේ කොම්පැනියෙන් මාධ්‍ය නිවේදනයක්

බොරු වැපුරු සමාජ මාධ්‍ය ජාල වලට නීතිය ක්‍රියාත්මක කරන බවත් කියයි

තම සමාගම විසින් සීනි තොග සඟවා ගෙන තිබියදී පාරිභෝගික අධිකාරිය විසින් අත්අඩංගුවට ගත් බවට ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන් ම අසත්‍ය බව ග්ලෝබල් පාර්ක් සමාගම නිවේදනය කරනවා.

එම සමාගම වෙනුවෙන් එහි සාමාන්‍යාධිකාරී ප්‍රියංක දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තම ආයතනය කිසිදු අයුරකින් අනවසර සීනි හෝ වෙනත් නීතියට පටහැනි භාණ්ඩ ගබඩා කිරීමක් නොකර ඇති බවයි. 

ග්ලෝබල් පාර්ක් සමාගම එක්සත් ජාතික පක්ෂය හිටපු උප නායක, හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ දියණියට අයත් සමාගමක්.

පසුගිය දිනවල පාරිභෝගික අධිකාරිය අනවසර සීනි ගබඩා කිහිපයක් වැටළු අතර එම ගබඩා අයත් සමාගම් අතර පිරමීඩ් විල්මා සමාගම, ග්ලෝබල් ට්‍රේඩින් සමාගම, විල්සන් ට්‍රේඩින් සමාගම සඑ ආර්. ජි. ස්ටෝර්ස් යන සමාගම් සිටී බවයි අදාළ සමාගම නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ.

එම ලේඛනයේ ඇති ග්ලෝබල් පාර්ක් සමාගමට නමින් සමාන වූ ග්ලෝබල් ට්‍රේඩින් සමාගම ද වන බවත් එම නම්වල ඇති සමානකම පාදක කර ගනිමින් රවී කරුණානායක මහතාගේ දියණියට අයත් ග්ලෝබල් පාර්ක් සමාගමට දේශපාලනික මඩ ප්‍රහාරයක් සැලසුම් සහගතව එල්ල කර ඇති බවයි ඔවුන් පවසන්නේ.

රවී කරුණානායක මහතාගේ දියණියට අයත් ග්ලෝබල් පාර්ක් සමාගම මාධ්‍යට නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහළින්..

About The Author