Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බුද්ධි අංශ හෙළිදරව්වෙන් සියල්ල අවදි වෙයි : අසංවිධානාත්මක ජනතා කැරැල්ලක්

ආර්ථික අර්බුදය උග්‍ර වීම මත අසංවිධානාත්මක බහුජන විරෝධතාවක් රට පුරා වර්ධනය වෙමින් ඇති බව ඇති බව රාජ්‍ය බුද්ධි අංශය විසින් වාර්තා කර ඇති බව ලංකා සී නිවුස් වෙබ් අඩවිය වාර්තාකර තිබෙනවා.

ජනාධිපතිවරයා ජාතිය අමතමින් ප්‍රකාශයක් කිරීමට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට මෙම පසුබිම ප්‍රධාන වී හේතුවක් වී ඇති බවයි එහි දැක්වෙන්නේ.

ඇතිවෙමින් තිබෙන ජන විරෝධතාවය දේශපාලන පක්ෂ අභිබවා යන බහුජන විරෝධතා ස්වරූපයක් ගනිමින් ඇතැයි ද තවදුරටත් බුද්ධි අංශ විසින් වාර්තා කර ඇති බව එම පුවත් වාර්තාවෙහි සඳහන්.

ජනතාවට සිය මූලික අවශ්‍යතාවය වන ආහාර සම්පාදනය කරගැනීමට බලපෑම් සිදු වීමෙන් දරුණු සමාජ අර්බුදයක් නිර්මාණය වෙමින් ඇති බව ද විශ්ලේෂකයන් සඳහන් කරමින් සිටින බවද පැවසෙනවා.

ජීවන වියදම සමඟ උද්ධමනය ඉහළ යාම එක විට සිදු වන විට ජනතාවට මිලදී හැඟීම් ගැනීමේ හැකියාව පහළ වැටීම නිසා අපේක්ෂා භංගත්වයට පත්වන තත්ත්වයක් නිර්මාණය වනු ඇති බවද පුරෝකතනය කර ඇති බව සඳහන්.

මේ තත්වය තුළ මහජන පීඩනය අසංවිධානාත්මක ලෙස මුදාහැරෙනු ඇති බවයි පැවසෙන්නේ.

About The Author