Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ පාස්කු කොමිසමට නොකැඳ වුයේ ඇයි? දින 52 එළියට ගෙනා ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයට මොකද වුණේ? නලීන් බණ්ඩාර ප්‍රශ්න කරයි

දින 52 ක නීති විරෝධී පාලන කාලයක් පැවති සමයේ එවක ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙස සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට එල්ල කළ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශණයවලට සිදුව ඇත්තේ කුමක්දැයි සමගි ජන බලවේගයපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා.

විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා චෝදනා කලේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන දියාරු කිරීමට ආණ්ඩුව අඛණ්ඩ උත්සහයක නිරත වෙමින් සිටින බවයි.

වත්මන් බුද්ධි අංශ ප්‍රධානි ලෙස කටයුතු කරන සුරේෂ් සලේ මහතා පිළිබඳවද මෙහිදී නලින් බණ්ඩාර මහතා අදහස් දක්වූ අතර ඔහු හා සමඟ සහරාන් සම්බන්ධතා තිබුන බවට පුවත් වාර්තා පලවී ඇති බවත් සහරාන් සහ සලේ මහතා අතර සම්බන්ධතාවක් පිළිබඳ කියවෙන බවත් සඳහන් කළා.

සහරාන් පාස්කු ප්‍රහාරයට පෙර රටවල් කිහිපයක සංචාරය කර ඇති බවත් ඒ සංචාර සමඟ සුරේෂ් සලේ මහතාගේ නමද සම්බන්ධ කර පුවත් වාර්තා වී ඇති බවත් පෙන්වා දෙන නලින් බණ්ඩාර මහතා පාස්කු කොමිසමේ ප්‍රශ්න කිරීම් වලට සුරේෂ් සලේ මහතා ලක් නොවුණේ මන්දයි ප්‍රශ්න කරනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ බණ්ඩාර මහතා වත්මන් රජය කිසි දිනක පාස්කු ප්‍රහාරය පිටුපස සිටින සැබෑ මොළකරුවන් කවුදැයි අනාවරණය නොකරන බවද සඳහන් කළේ හැකිනම් එසේ කර පෙන්වන ලෙස අභියෝගයක්ද සිදු කරමින්.

About The Author