පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉටුකරනු වෙනුවට වල්පල් කියවන පුද්ගලයන්ගේ වතගොත සමාජය තේරුම් ගත යුතුයි – චමීර පෙරේරා
පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉටු කරනු වෙනුවට විවිධ ප්‍රකාශ සිදුකරමින් සමාජය නොමඟ යැවීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ දරන බව පුරවැසි සංවිධානයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට ඇතැම් කණ්ඩායම් ඉස්ලාම් සහ කතෝලික ජනතාව අතර මෙන්ම බෞද්ධ ජනතාව අතර ද නොසන්සුන්තාවයක් නිර්මාණය කොට රට තුළ අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සහ දරන බවයි.
ඒ හරහා අසරණ ජීවිත තුන් සියයක් පමණ බිලිගත් පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉටුවීම වැළැක්වීමට උත්සාහ කිරීමේ සැලැස්මක් ඇති බව ද ඔහු පවසනවා.
නීතිය සහ යුක්තිය ඉල්ලා සිටින පුද්ගලයන්ගේ අතීතය පිළිබඳ ප්‍රශ්න කරන ඇතැමුන්ගේ අතීතය රටේ ජනතාව හොඳින් දන්නා බව පවසන චමීර පෙරේරා මහතා එවැනි සිදුවීම් කිහිපයක් ද සඳහන් කළා.
සියලු කතා නවතා ජනතාවට සාධාරණයක් ඉටු කිරීම වෙනුවෙන් කැපවීම පුරවැසි සියලු දෙනාගේ වගකීම බවද ඔහු මෙහිදී සඳහන් කළා.
අත නොහැර කියවන තැන
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි
රනිල්ට උදව් කරන්නැයි ගෝටා මට කතා කර කිව්වා – මේ ගහන ගේම් ජනතාව හොදින් අවබෝධ කරගන්න
රනිල් කරපු දෙයක් නෑ – ඔහු මහා කුමන්ත්‍රණකරුවෙක් – රනිල්ගේ එකම ප්‍රතිපත්තිය “රනිල්” – 21 නාමල්ටත් පැරදිලා ගෙදරම යනවා