Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

චීනයේ සිටින්නේ ලංකාවේ රාජ්‍ය උරුමය පවා ඇති නෑයෝ – චීන තානාපති කාර්යාලයෙන් මතු වූ ඓතිහාසික සාක්ෂිය මෙන්න

ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයට පවා උරුමකම් ඇති පෙළපතක කාන්තාවක් චීනයෙන් හමුවී තිබෙනවා.

ඇය පසුගිය වෙසක් දිනයදා චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණ තිබෙනවා.

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතාද හමුවූ ඇය එහිදී සිය රාජ්‍ය උරුමය සහ මුතුන් මිත්තන් පිළිබඳවද තානාපතිවරයාට විස්තර කර ඇති බවයි චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ Sri Lanka Embassy in China Facebook පිටුවෙහි දක්වා ඇත්තේ.

චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇයව හඳුන්වා දී ඇත්තේ “ලංකා කුමරිය” ලෙසයි.

උපුටා ගැනීම..

2021 මැයි 26 වන දින තානාපති කාර්යාලයේ පැවති වෙසක් සැමරුම් උත්සවයට “ලංකා කුමරිය” ෂු ෂී යින් සහභාගී විය.
වෙසක් සැමරුම් උත්සවයට සහභාගීවීමට පෙර ඇය තානාපති ආචාර්ය පාලිත කොහොන හමුවී සිය පෙළපත්
සටහන ඔහුට පැහැදිලි කළා.
ඇය කෝට්ටේ රාජධානියේ හයවන පරාක්‍රමබාහු රජුගේ පෙළපතින් පැවත එන 19 වන පරම්පරාවට අයත් වේ.
මෙම හමුවේදී ඇය තම ලංකා රාජකීය මුතුන්මිත්තන්ගේ භූමදාන භූමියේ ඡායාරූප ද පෙන්වීය.

චීනයේ ප්‍රසිද්ධියට පත් ෂු කුමරිය, දෙරට අතර ඇති ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට සැලකිය යුතු දායකත්වයක් සපයයි.
2009 දී ෂු ෂී යින් කුමරියගේ මඟ පෙන්වීම යටතේ, කුමරිය උපන් නගරය වන චුඈන්ජෝවු නගරය කොළඹ නගරය සමඟ සහෝදර නගර සම්බන්ධතාවයකට එළඹුණි.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ චුඈන්ජෝවු හි ලීචෙන්ග් දිස්ත්‍රික්කය ද 2017 දී සහෝදර නගර බවට පත්විය.
තානාපති ආචාර්ය පාලිත කොහොන කුමරිය සාදරයෙන් පිළිගනිමින් පවසා සිටියේ, සහස්‍ර ගණනාවක් පුරා පැවත එන ශ්‍රී ලංකාව හා චීනය අතර ඇති සමීප පුද්ගල සබඳතා සඳහා ඇය ජීවමාන ආදර්ශයක් බවයි.
දෙරට අතර පුද්ගල සබඳතා වැඩි දියුණු කිරීමට තවදුරටත් ක්‍රියාශීලීව කටයුතු කරනමෙන් ආචාර්ය කොහොන කුමරියගෙන් ඉල්ලා සිටියේය.

About The Author