තමන් මෙතෙක් කල් දේශපාලනය කළේ කකුලෙන් ඇදීම් බාධා කිරීම් හමුවේ බවත් තමන්ගේ පිහිටට පැමිණියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් සමගි ජනබලවේගය පක්ෂයේ නායක , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ වර්තමානයේ තම පක්ෂය තුලද තමන්ගේ ගමනට බාධා කරන පිරිස් සිටින බවයි.
එදා මෙන් කැබිනට් ඇමති සජිත් ප්‍රේමදාස නොව තමන් අද රටේ විකල්ප දේශපාලන බලවේගයේ නායකයා බවත් එවැනි තත්වයක තමා සිටින විට කිසිවෙකුට හෝ තම කකුලෙන් ඇදීමට නොහැකි බවත් පවසන ප්‍රේමදාස මහතා එවැනි අයට එළියට ගොස් තම තමන්ගේ දේවල් කර ගත හැකි බවද සඳහන් කළා.
මේ යන ආකාරයට රටේ පාලනයේ තනි හැන්ද තමාට හිමිවන බවත් එසේ හිමි වූ හැන්ද යොදා ගන්නේ ජනතාවට සේවය කිරීමට බවත් ඔහු සඳහන් කළේ පසුගියදා (25) හමබන්තොට කිරින්ද ප්‍රදේශයේ පැවති “සත්කාරය” විපක්ෂ නායක ජංගම සේවය අතරතුර අදහස් පල කරමින්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට