Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බැර ලෝහ අඩංගු විෂකාරක පොහොර මෙක්ට්‍රික් ටොන් 18 000 ක් රට තුළට මුදා හැරලා – ආචාර්ය හර්ෂ ද සිල්වා

මිනිස් ශරීරයට සහ පරිසරයට අහිතකර බැර ලෝහ අඩංගු පොහොර මෙට්‍රික් ටොන් 18 000 ක් ජනාධිපති ලේකම්වරයාගේ මැදිහත් වීම මත රට තුළට මුදා හැර ඇති බව සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

ඔහු පෙන්වා දුන්නේ 2020 වසරේදී මෙම සිදු වීම වී ඇති බවයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අදාළ පොහොර තොගයේ කැඩ්මියම් සහ ලෙඩ් සංයුතිය පිළිගත් ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බව සඳහන් කර තිබියදී අදාළ පොහොර තොග මුදා හැර ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රතිචාර දැක්වූ අතර ඔහු සඳහන් කළේ මෙම ගනුදෙනු යහපාලන සමයේදී සිදු වූ ඒවා බවයි.

About The Author