බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු සිටි රවී කරුණානායක මහතා ඇතුළු 08 දෙනෙකු ලබන 23 දක්වා රක්ෂිත බන්ධාගාර ගත කර තිබෙනවා.
නඩුව කැඳවනු ලැබූවේ බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද , කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩින් යන මහත්වරුන්ගෙන් යුත් විශේෂ ත්‍රිපුද්ල විනිසුරු මඩුල්ල හමුවේයි.
රුපියල් කෝටි 3689 ක මුදලක් රජයට අහිමි කිරීමේ චෝදනාව යටතේ මෙම පිරිසට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකරනු ලැබුවා.
2016 වසරේ මාර්තු 29 සහ 31 යන දිනවල බැඳුම්කර වෙන්දේසියේදී මෙම බැඳුම්කර වංචාව සිදුව ඇති බවයි පැවසෙන්නේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට