බොරිස් ජොන්සන් සහ ඔහුගේ පෙම්වතිය වූ කැරී සිමන්ඩ්ස් හදිසියේ ම විවාහ වූ බවට ආරංචි පළ වේ. ඔවුන් සිය විවාහ දිනයේ ඡායාරූපයක් ද මාධ්‍යය වෙත නිකුත් කර ඇත.
56 හැවිරිදි බ්‍රිතාන්‍ය අගමැතිවරයා ඊයේ (29 සෙනසුරාදා) වෙස්ට්මිනිස්ටර් ආසන දෙව්මැදුරේ පැවති කුඩා උත්සවයක දී 33 හැවිරිදි සිමන්ඩ්ස් සමඟ විවාහ වී ඇත.
ඔවුන් විසින් නිකුත් කරන ලද ඡායාරූපයෙන් දැක්වෙන්නේ විවාහයෙන් පසු යුවළ ඩව්නිං වීදියේ පිහිටි සිය ගෙවත්තෙහි රැඳී සිටින ආකාරය යි.
සිමන්ඩ්ස් මහත්මිය දිගු සුදු ඇඳුමක් සහ මල් සහිත හිස්වැස්මක් පැළඳ සිටින අතර ජොන්සන් මහතා අඳුරු ඇඳුමකින් සහ නිල් පැහැති ටයි පටියකින් සැරසී සිටී.
විවාහයෙන් පසු කැරී සිමන්ඩ්ස් මහත්මිය කැරී ජොන්සන් යනුවෙන් තම වාසගම වෙනස් කර ගැනීමට තීරණය කර ඇත. බ්‍රිතාන්‍යය තුළ පවතින කොවිඩ් නීති රීති හේතුවෙන් විවාහ උත්සවයට සම්බන්ධ වී තිබෙන්නේ ද තිස්දෙනෙකු පමණි.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර