Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බස්නාහිර සහ වයඹ පළාත් වල පාසල් වසා දැමේ

බස්නාහිර හා වයඹ පළාත්වල සියලුම පාසල් හෙට අපේ‍්‍රල් 30 වන දින දක්වා වසා දැමිමට තිරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසන්නේ පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

රජයේ පාසල්, පෙර පාසල් මෙන්ම පිරිවෙන් හා පෞද්ගලික පාසැල් ද මේ සමග වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මැයි මස 03 වන සඳුදා සිට පාසල් විවෘත කිරීමට නියමිත අතර පවතින තත්වයන් සැලකිල්ලට ගනිමින් අදාළ දිනයේ පාසල් විවෘත කරනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිත බවයි වාර්තාවන්නේ.

About The Author