Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බස් රථය ආපසු හරවන්න මම කිවේ නෑ ඇමති සරත් වීරසේකර ප්‍රතිචාර දක්වයි

චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායනය සඳහා රැඟෙන ගිය බස් රථයට ආපසු හරවා එන ලෙස අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් නියෝගයක් ලබා නුදුන් බව ප්‍රකාශ කරමින් අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ වන්නේ අදාළ පිරිසට නිරෝධායන කාලසීමාව සඳහා අවශ්‍ය ඇඳුම් පැළදුම් නොමැති බව පියුමි හංසමාලි නමැති තැනැත්තියක විසින් අමාත්‍යවරයාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් සඳහන් කල බවයි.

එමෙන්ම චන්දිමාල් ජයසිංහ නැමති අය විසින්ද අදාළ ඉල්ලීම තහවුරු කල බවයි.

එම මානුෂිය ඉල්ලීම සලකාබලා අමාත්‍යවරයා විසින් කටයුතු සම්බන්ධීකරණය කර අදාළ බස් රථය තලංගම පොලිස් ස්ථානය වෙත රැඟෙන විත් ඔවුන්ට අවශ්‍ය ඇඳුම් පැළදුම් සහ අනෙකුත් දෑ ලබා ගැනීමට අවස්ථාව උද කර දුන් බවයි.

සරත් වීරසේකර අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහළින්.

සබැඳී පුවත් – සරත් සමයේ පියුම් පිපේ – පොලිසිය ඇමතිටත් උඩින් – බසය හරවන්න බෑ කියයි

About The Author