හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අපහාසාත්මක වන ආකාරයේ අසත්‍ය හා ද්වේශසහගත ප්‍රකාශ නිකුත් කිරීම හා ප්‍රචාරය කිරීම වළක්වාලමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ විද්‍යුත් මාධ්‍ය ආයතන තුනක් වෙත කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින මාධ්‍ය ආයතන වන්නේ දෙරණ මැක්රෝ එන්ටර්ටේන්මන්ට් සමාගම (දෙරණ) , ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් සමාගම (හිරු) සහ ඊ.ඒ.පී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් (ස්වර්ණවාහිනී) යන ආයතනයි.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කළ පැමිණිල්ලක් විභාග කළ කොළඹ දිසා විනිසුරුවරයා ලබන 30 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම වාරණ නියෝගය නිකුත්කර තිබෙනවා.
ඉකුත් 09 වැනිදා කොළඹ පැවති “ඉස්ලාම් අන්තවාදය සහ පාස්කු කොමිසමෙන් ඔබ්බට” නමැති සම්මන්ත්‍රණයේදී අමාත්‍ය විමල් වීරවංශ තමා සම්බන්ධයෙන් අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශයක් සිදු කර ඇති බවට බදියුදීන් නීතිඥ රුෂ්ඩි හබීබ් මාර්ගයෙන් අධිකරණයට දන්වා තිබුණා.
ඒ තුළින් තම කීර්ති නාමයට හානියක් සිදු වූ බවයි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අධිකරණයට පෙන්වා දී තිබෙනවා.
එම ප්‍රකාශය වගඋත්තරකාර මාධ්‍ය ආයතන මගින් එදින රාත්‍රියේ ප්රවෘත්ති විකාශය මගින් ප්‍රචාරය කළ බව පෙන්වා දුන් බදියුදීන් මහතා ඒ තුළින් තමන්ට දැඩි අපහාසයක් මෙන්ම අගතියක් සිදු වූ බව පවසා ඇති අතර ඒ අනුව මෙම නඩුවට පාදක වන අපහාසාත්මක ප්‍රකාශය පදනම් කරගෙන තමන්ට එරෙහිව සිදුකරන ද්වේශසහගත හා අසත්‍ය ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම හෝ ප්රචාරයට පත් කිරීම වැළැක්වීමේ වාරණ නියෝගයක් හා ස්ථිර අතුරු තහනම් නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස සිය පෙත්සම මගින් ඉල්ලා තිබුණා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට