Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පෝලිම් පැන පුරවැසි වරප්‍රසාද කොල්ලකන GMOA මාෆියාව

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු අමුතුම මාදිලියේ මාෆියා සංවිධානයකි. එයට සාක්ෂි ඕනෑ තරම් තිබේ.

අනුන්ගේ වරප්‍රසාද උදුරාගැනීම සහ අනෙක් පුරවැසියන්ගේ අයිතිවාසිකම් ඔවුන්ට අහිමි කිරීම තරම් බරපතල මාෆියාවක් තවත් නැත.

කන්න අවශ්‍ය වූ විට කබරයාද තලගොයා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මේ අවලස්සන මාෆියාව අද ඊයේ පටන් කරලියට පැමිණෙන්නක්ද නොවේ.

මොවුන්ගේ මේ දොස්තර මාෆියාව රටේ සිටින ජනතාව දෙවිවරුන්සේ ගරු කරන සෙසු වෛද්‍යවරුන්ටද නිගාවකි.

දොස්තරලාගේ වාහනයට අලවන ප්‍රථමාධාර ලකුණේ සිට GMOA මාෆියාව ක්‍රියාත්මක වේ.

කොළඹ හා ලංකාවේ ඇති ප්‍රමුඛ ජාතික පාසල් වල ඉගෙනගත යුත්තේ ඔවුන්ගේ දරුවන් පමණි.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ඔවුන්ගේ එම මාෆියාව රට හමුවේ හෙළිවූ අත‍ර ඉන් සිදු වුයේ ඔවුන් යහපාලන රජයට එරෙහිව කටයුතු කිරීමයි.

වෛද්‍ය වෘත්තිකයන් අතරද වරප්‍රසාද හිමිවිය යුතු ඔවුන්ගේ ඊනියා සංගමයේ සාමාජිකයන්ට පමණි.

මේ වන විට එම සංගමය පාලනය කෙරෙන්නේද අමුතුම ආකාරයේ ක්‍රමවේද වලිනි.

GMOA යනු ත්‍රස්ත සංවිධානයක ක්‍රියාකාරිත්වයට සමාන ක්‍රියාකාරිත්වයක් ඇති සංවිධානයක් බව කීවද එහි වරදක් නැත.

ඔවුන්ගේ ඊනියා අවස්ථාවාදී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී පැසිස්ට් ඉල්ලීම් වලට ඇහුම් කම් නොදෙන ආණ්ඩු ඔවුන්ට අනුව දේශද්‍රෝහී ය.

එම ආණ්ඩු වලින් ගෙන්වන ගිලන් රථ පවා විදෙස් බුද්ධි අංශ වල යකඩ ගොඩවල්ය.

ඔවුන් කඩේ යන්නේ ඔවුන්ගේ අකටයුතු කම් සහ මාෆියාවට ඉඩ හසර ලබා දෙන පාලකයන් වෙනුවෙන් පමණි.

කුඨ ලේඛන සදා තම දරුවන් පාසල් වලට ඇතුලත් කරගත් මෙම සංවිධානයේ ප්‍රධානියා රටේ ජනතාවගේ සහ රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කතා කිරීම රජගහේ විහිළුවකි.

දැන් රඟ දැක්වෙන්නේ GMOA නම් මාෆියා සංවිධානයේ ආත්මාර්ථකාමීත්වයේ හිණිපෙත්තේ නාටකයයි.

සැමියන්, බිරින්දැලා, අම්මලා, තාත්තලා, නැන්දම්මලා, මාමණ්ඩිලා දෙක තුන බැගින්..!  සිටිනා බව පවසමින් තම නෑසිය හිත මිතුරන්ට කොරෝනා එන්නත් ගැස්සවීමේ මහා මාෆියාව

මෙය ඉතාම නින්දා සහගත දූෂණයක් පමණක් නොව නීතියෙන් දඬුවම් ලැබිය යුතු බරපතල විෂමාචාරයකි. 

ප්‍රථමයෙන්ම කොවිෂීල්ඩ් ඇස්ට්‍රසෙනෙකා එන්නත ලංකාවට ලැබුණු අතර එය ප්‍රථමයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින අයට ලබා දීමට ක්‍රියා කෙරිණ. ලෝකයේ සෑම රටකම පාහේ එන්නත් ලබා දීමේ දී ප්‍රථමයෙන්ම ලබා දුන්නේ වෛරසය සමග පෙරමුණේ මුහුණට මුහුණ සටන් කරන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියුතු අයට ය.

ඒ අනුව ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ වෛද්‍යවරයෙකුට ප්‍රථම එන්නත ලබා දෙමින් එන්නත්කරණය ආරම්භ විය. වෛද්‍යවරුන්, හෙදියන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියුතු අනෙකුත් නිලධාරීන් එන්නත් කරණය කළ යුතු වුවද තවමත් මෙම වෛරසය සමග බිම් මට්ටමේ තියුණු සටනක නියුතු මහජන සෞඛ්‍ය නිලධාරීන් වැනි අයගේ එන්නත්කරණය නිමා කර නැත.

රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට පමණක් කොවිඩ් මර්දන දෙවන එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය පසුගියදා ගත් තීරණයට විරෝධය දැක්වීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ පරිපූරක වෛද්‍ය සේවා සංගමය යන සමිති අද (25) සංකේත වැඩ වර්ජනයකද නිරත වෙති.

එන්නත් මාෆියාව..

එසේ තිබියදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඇස්ට්‍රසෙනෙකා ප්‍රථම එන්නත ලබා දීමේ දී තම සංගමයේ සාමාජිකයන් සහ පවුල් වල අය පමණක් නොව ඔවුන්ගේ ඥාතීන්ට ද වෙනත් නොදන්නා අයට ද එන්නත් ලබා දීමට ක්‍රියා කර ඇත. 

දොස්තරවරයෙකුගේ පවුල යනු දොස්තර සහ බිරිඳ හෝ සැමියා සහ දරුවන් ය. (කුඩා සහ තරුණ දරුවන්ට වෛරසය මාරාන්තික නොවන බැවින් ඔවුන් ප්‍රමුඛතාවයේ ලා නොසැලකීය) සමහරවිටෙක දෙදෙනාගෙන් එක් අයෙකුගේ මව සහ පියා ද ඔවුන් සමග වෙසෙනවා විය හැකිය. නමුත් මව පියා නැන්දම්මා සහ මාමණ්ඩිය සියළු දෙනා එකම පවුලක වෙසෙනවා යැයි කීම බොරුවකි. එවැනි සිදුවීම් අහම්බයකින් තිබිය හැකිය. නමුත් මෙහි එන්නත් ලබා දුන් සියළු දෙනා සැමියා හෝ බිරිඳ, මව, පියා, නැන්දම්මා, මාමණ්ඩිය යන සියළු දෙනාට එන්නත් විදගෙන තිබේ.

බරපතලම විෂමාචාරය පුදුම හිතෙන එකක්..

මෙහි ඇති බරපතලම දූෂණය එයද නොවේ. බොහෝ (GMOA) සාමාජික සාමාජිකාවන්ට සැමියන් දෙදෙනෙක්, බිරින්දෑවරු දෙදෙනෙක්, මව්වරු දෙදෙනෙක්, පියවරු දෙදෙනෙක්, නැන්දම්මලා දෙදෙනෙක්, මාමණ්ඩිලා දෙදෙනෙක් බැගින් නම් සඳහන් කරමින් එන්නත් ලබාගෙන තිබේ. වැලිමඩ මූලික රෝහලේ ‘බී.ජී.සී.එස්.එම්. බානගල’ නමැති වෛද්‍යවරයා ඉනුත් එහා ගොස් පියවරු තිදෙනෙක්, නැන්දම්මලා තිදෙනෙක්, මාමණ්ඩිලා තිදෙනෙක් ලෙස නම් සඳහන් කරමින් එන්නත් ලබා ගෙන තිබේ.  

මෙහිදී අති බහුතරයක් එන්නත් දූෂණයේ යෙදී ඇත්තේ (GMOA) වෛද්‍යවරියන් වීම විශේෂිත ය. 

එකම දවසේ එකම අයෙකුට එන්නත් 3 ක් දුන්නේ කෙසේද?

මෙහිදී තිදෙනා දෙදෙනා බැගින් නම් සඳහන් කර ඇත්තේ එක් අයෙකුගේ නමකි. එක් අයෙකුගේ හැඳුනුම්පත් අංකයකි. එකම දිනයකි. මෙය බරපතල දූෂණයක් නොවන්නේ ද? එක් අයෙකුට එක් දිනයක දී එන්නත් දෙකක් තුනක් දෙන්නේ නැත. මෙසේ නම් සඳහන් කරමින් (GMOA) වෛද්‍යවරුන් ඒ එන්නත් වික්කාද? විද්දේ කාටද? එන්නත් කළ අයගේ නිවැරදි නමක් ගමක් ලියාපදිංචි නොවූ කල ඔවුන්ට දෙවන මාත්‍රාව ලබා දෙන්නේ කෙසේද? ඔවුන් එන්නත් ලබා ගත් අය බවට ලියාපදිංචි වන්නේ කෙසේද? කොහේද?

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය වැනි වගකීමක් ගත යුතු වෘත්තීය සමිතියක් මෙසේ එන්නත් වංචාවක යෙදෙමින් බරපතල දූෂණයක යෙදීම ගැන වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතුය. එහි සභාපති පාදෙණිය ඇතුළු නිලධාරීන් මේ දූෂණයට වගකිව යුතුය. 

අදාල දූෂණ වලට සාක්කි ලෙස කිහිපයක් පහත දක්වමු.

1) ඩී.ඒ.පේෂාලි වික්‍රමසිංහ නම් හිඟුරක්ගොඩ හමුදා රෝහලේ වෛද්‍යවරියට අම්මලා 2 කි, තාත්තලා 2 කි. සැමියන් 2 කි. (සැමියන්ගේ නම් නැත)

2) උදේශිනී සෝමසිරි නම් අවිස්සාවේල්ල රෝහලේ වෛද්‍යවරියට අම්මලා 2කි, තාත්තලා 2 කි, සැමියන් දෙකකි. 

3) එස්.ඒ.එස්.එස්. ඩිලන්කානි නම් මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරියට අම්මලා 3 කි. තාත්තලා 3 කි. 

4) ඊ.එන්.ඕ. භාග්‍යා සිල්වා නම් ගම්පහ රෝහලේ වෛද්‍යවරියට අම්මලා 2 කි, තාත්තලා 2 කි, සැමියන් 2 කි. 

5) ජේ.ඒ. හිරන්ති එස්. විජේසේකර නම් ගම්පහ රෝහලේ වෛද්‍යවරියට අම්මලා 2 කි, තාත්තලා 2 කි, නැන්නම්මලා 1 කි.

6) ආර්.එම්. ඉරේෂා පී. රත්නායක වෛද්‍යවරියට සැමියන් 2 කි.

7) අනුජි යූ. ගමගේ නම් කඳවල ආරක්ෂක රෝහලේ කතිකාචාර්ය වෛද්‍යවරියට සැමියන් 2 කි, අම්මලා 2 කි, තාත්තලා 2 කි, නැන්දම්මලා 2 කි, මාමණ්ඩිලා 2 කි. 

8) සුබෝධි පින්තු නම මීගමුව රෝහලේ ඊඑන්ටී වෛද්‍යවරියට අම්මලා 2 කි, තාත්තලා 2 කි, සැමියන් 2 කි.

9) නයෝමි ෆොන්සේකා නම් මීගමුව රෝහලේ වෛද්‍යවරියට අම්මලා 2 කි, තාත්තලා 2 කි, නැන්දම්මලා 2 කි, මාමණ්ඩිලා 2 කි, සැමියන් 2 කි. 

10) ඩබ්.ඒ.අනුපමා ගමගේ නම් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරියට ද අම්මලා 2 කි, තාත්තලා 2 කි, නැන්දම්මලා 2 කි, මාමණ්ඩිලා 2 කි, සැමියන් ද 2කි. 

වග උත්තර බඳින නවින් ද සොයිසා ගේ බොරුව

මෙම සිද්ධිය පිළිබඳ වග උත්තර බඳින එම සංවිධානයේ සංස්කාරක වෛද්‍ය නවින් ද සොයිසා කියන්නේ මෙලෙස ලබා දුන්නේ ඉතිරිව ඇති අස්ට්‍රසේනිකා එන්නත් පමණක් බවයි.

නමුත් ලැබී ඇති තොරතුරු අනුව මේ වන විට මෙරට ගෙන්වා ඇති එන්නත් වර්ග සියල්ල අදාළ එන්නත්කරණය සඳහා යොදාගෙන තිබේ.

ඉහත දූෂිත සිද්ධි 10 ක් පමණක් මෙහි සඳහන් කරන නමුදු මෙවැනි අවලස්සන දූෂිත සිදුවීම් රාශියකින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ එන්නත්කරණය සමන්විතය. සම්පූර්ණ ලැයිස්තුව පහත දිගුවේ ඇති ලේඛනය බාගත කර කියැවිය හැකිය.

මෙතනින් කියවන්න

© මුලාශ්‍ර – News 1st සහ len-official.blogspot.com

About The Author