එයා මට ගැහුවා : මම එයාගෙන් ගුටි කෑවා : කට්ටියම පොලිස් පොතේ පිටු පුරවයි
ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත් වී සිටින නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු වී තිබෙනවා.
ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී මෙම ආරවුල ඇති වී තිබෙන අතර එම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධුරය දරන්නේ ද නිමල් පියතිස්ස මහතා යි.
නාවලපිටිය කැටබුලාව ප්‍රදේශයේ සහභාගි වු සංවර්ධන කමිටු රැස්විමකදි දේපාර්ශවයක් අතර ඇති වු ගැටුම සම්බන්දයෙන් දෙපාර්ශවයෙන් ලද පැමිණිලි මත විමර්ෂණයක් ආරම්භ කර ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා.
කැටබුලාව ප්‍රදේශයේ සංවර්ධන කටයුතු යෝජනා සම්බන්දයෙන් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියොජනය කරන ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රි සහ කොත්මලේ ප්‍රාදේශිය සංවර්ධන කමිටු සභාපති නිමල් පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විම පවත්වා තිබෙනවා.
එම රැස්විමට කොත්මලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි චාමර සුභාශිත ද සිල්වා මහතා ඇතුළු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නියෝජනය කරමින් අධාරකරුවන් පිරිසක්ද සහභාගි වි තිබෙනවා.
එහි දී චාමර සුභාශිත ද සිල්වා මන්ත්‍රිවරයා ගෙන ආ සංවර්ධන යෝජනාවකට සංවර්ධන කමිටු සභාපතිවරයා විරුද්ධ විමත් සමග දේපාර්ශවය අතර උණුසුම් තත්වයක් ඇති වි පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වි ඇති බවයි වාර්තාවන්නේ.
ගැටුමෙන් තුවාල ලැබු පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් පියතිස්ස මහතාගේ අධාර කරුවෙකු වන කොත්මලේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරයෙකු වන සිසිර නාමල් මහතා තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්දයෙන් අදහස් දක්වන නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් පියතිස්ස මහතා කියා සිටින්නේ ,
ගම සමග පිලිසදරක් ව්‍යාපෘතියට සමගාමිව ජනාධිපතිවරයාගේ ඉල්ලිමක් මත සංවර්ධන කමිටු සභාපතිවරයා වශයෙන් නාවලපිටිය කැටබුලාව ප්‍රදේශයට ගොස් සංවර්ධන යෝජනා සම්බන්දයෙන් රැස්විමක් පැවැත්වු බවත් එම රැස්විමට එම වසම නියෝජනය නොකරන කොත්මලේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රි චාමර සුභාශිත ද සිල්වා මහතා පැමිණ කළහාකාරි ලෙස හැසිරි තමන් ඇතුළු එම රැස්විමට සහභාගි වු පිරිසට පහර දුන් බවයි.
එම ගැටුමෙන් තම අධාර කරුවෙකු වන ප්‍රාදේශිය සභා මන්ත්‍රි සිසිර නාමල් මහතා තුවාල ලබා නාවලපිටිය මහ රෝහල වෙත ඇතුලත් කර බවත් සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමාත්‍යය සි. බි රත්නායක මහතාද දැනුවත් කල බවයි.
ගැටුම සම්බන්ධයෙන් අප කොත්මලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි චාමර සුභාශිත ද සිල්වා මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ ,කැටබුලාව වසමේ තමන් පදිංචිි බවත් එම වසමද සංවර්ධන කටයුතු වලදි නියොජනය කිරිමට කොත්මලේ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා තමන්ට බලය පවරා ඇති බවයි.
එම රැස්විමේදි තමන් යෝජනා කල සංවර්ධන කටයුතු කිහිපයකට සංවර්ධන කමිටු සභාපතිවරයා විරුද්ධ වු බවත් තමන්ට අදහස් ප්‍රකාශ කිරිමට අවස්ථාව ලබා නොදිම හේතුවෙන් රැස්විම තුල නොසන්සුන් කාරි තත්වයක් ඇති වි එය ගැටුම්කාරි තත්වයක් දක්වා වර්ධනය වු බවත් නිමල් පියතිස්ස මහතා කොත්මලේ ප්‍රදේශයේ සංවර්ධන කමිටු සභාපති වරයා මිස ආසන සංවිධායක වරයා නොවන බවද චාමර සුභාශිත ද සිල්වා මහතා සඳහන් කරනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි