2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය අද දිනයේ දී පැවැත්විණි. අගොස්තු මස 5 වන දින උදා වීමට පැය 48කට පෙර සිට සියලු මැතිවරණ ප්‍රචාරණ නවත්වන ලෙස උපදෙස් ලැබී තිබුණ ද, එම නීතියට ගරු නොකළවුන් ද සිටි බව හෙළි වී තිබේ.
අද දින උදෑසන 7.30ට පමණ නාවලපිටිය ඡන්ද මධ්‍යස්ථානයක් අසලට එක් රැස් ව සිටි පිරිසක් ඡන්ද දායකයින්ගේ මඟ අහුරමින් පොහොට්ටුවට ඡන්දය දෙන ලෙස පැවසූ බවත් එම ස්ථානය පසු කර ගිය සියල්ලන්ට වාචික බලපෑම් සිදු කළ බවටත් පැමිණිලි ලැබි තිබේ. මෙම පිරිස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ මහින්දානන්ද අලුත්ගමගේගේ ආධාරකරුවන් බව ද සොයා ගෙන තිබේ.

මෙම සිදුවීම සිදු ව තිබෙන්නේ නාවලපිටිය, ශාන්ත මරියා විද්‍යාලයට අයත් ඡන්ද මධ්‍යස්ථානය අසල දී ය. මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

guoy


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට