Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පොලිසිය තඩි බෑමට මුව හමක් සොයයි

නිරෝධායන නීති කඩකරමින් කොළඹ, මරදාන ආනන්ද විද්‍යාලය අසල මංසන්ධියේ පොලිස් මාර්ග බාධකය අසලින් ව්‍යායාම සඳහා ගමන් ගත් පොලිස් ප්‍රධානියකුගේ බිරියකට බාධා කළේ යැයි පවසා කොස්තාපල්වරයකු වෙනත් පොලිස් මුරපොළකට මාරු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ වරද කළ ඉහළ නිලධරියා සහ ඔහුගේ බිරිඳ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනු වෙනුවට අදාළ සිදුවීම පිළිබඳ මාධ්‍යයට තොරතුරු ලබාදුන් නිලධාරියා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තාවනවා.

ඒ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවක් හරහායි.

මේ වන විටත් මරදාන පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පාලන අංශයේ ස්ථානාධිපතිවරයා මෙන්ම විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ඇතුළු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් තිදෙනකුගෙන්, උප පොලිස් පරීක්ෂකවරයකුගෙන් මෙන්ම පොලිස් නිලධාරීන් දස දෙනකු පමණ සහකාර පොලිස් අධිකාරි කාර්යාලය වෙත කැඳවා ප්‍රකාශ ලබාගෙන ඇතැයි පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

ඉකුත් මස 28 වැනි දින මරදාන – බොරැල්ල මාර්ගයේ ආනන්ද විද්‍යාලය අසල මංසන්ධියේ පොලිස් මාර්ග බාධකය අසලින් ගමන් කිරීමට පැමිණ තිබූ පොලිස් ප්‍රධානියාගේ බිරිය අමතා සංචරණ නීති පනවා ඇති හෙයින් ගමන් කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවටත් එම ස්ථානයේ රාජකාරියේ සිටි කොස්තාපල්වරයකු පැවැසීමෙන් අනතුරුව එම කාන්තාව පොලිස් කොස්තාපල්වරයාට බැන වැදී තම ස්වාමිපුරුෂයා වූ පොලිස් ප්‍රධානියාට ජංගම දුරකථන ඇමැතුමක් ගෙන ඔහු කතා කරන හඬ කොස්තාපල්වරයාට ඇසීමට සලසා තිබිණි.

ඒ අවස්ථාවේදී පොලිස් ප්‍රධානියා ජංගම දුරකථන හරහා පොලිස් කොස්තාපල්වරයා අමතා ඔහු කවුදැයි හඳුන්වා “ඔය ඉන්නේ මගේ වයිෆ් ඕයි එයාට ජොගින් යන්න දෙනවා” යැයි පවසා තිබු බව වාර්තා වුණා.

සිද්ධියට පසු මඳ වේලාවක් තුළදී සිද්ධියට මුහුණ දුන් කොස්තාපල්වරයා කිලෝමීටරයක් පමණ දුරින් වූ පුංචි බොරැල්ල හන්දිය පොලිස් මුරපොළ වෙත මාරුකර තිබූ අතර පැය තුනක් පමණ කාලයකට පසුව නැවත ආනන්ද හන්දිය පොලිස් මුරපොළ වෙත මාරු කර තිබුණේ මෙම සිදුවීම මාධ්‍යට හෙළිවීමෙන් අනතුරුවයි.

රාජකාරි යෙදී සිටි කොස්තාපල්වරයාට බැන වැදී සංචරණ නීති කඩ කිරීමට බලපෑම් එල්ල කර කිලෝමීටරයක් පමණ ඈතින් වූ වෙනත් පොලිස් මුරපොළකට මාරු කර යැවීමට පිඹුරුපත් සැකසූ පොලිස් ප්‍රධානියා පිළිබඳ විමර්ශනය කර පියවරක් ගැනීම පසෙකලා මාධ්‍යයට තොරතුරු ලබා දුන් නිලධාරියා සෙවීම “හේන මුවන් කෑ විට ගෙදර මුව හමට තඩි බෑම” වැනි වැඩක් බවට මේ වන විට පොලිසිය තුළ ම කතාබහක් ඇතිකර තිබෙනවා.

© මුලාශ්‍ර – Lankatruth.com

About The Author