Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පුළුස්සා දැම්මේ මිනී පෙට්ටි 182 ක් , එතනින් එහා කියන්නේ නෑ, ආණ්ඩුව අපිට උදව් කළා – මුස්ලිම් මන්ත්‍රීවරයෙකුගෙන් අමුතු කතාවක්

මිනී පෙට්ටි 182 ආදාහනය කළ බවත් ඒවායේ සැඟවුණු තොරතුරු ඇති බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අහමඩ් නසීර් සඳහන් කරනවා.

ඔට්ටමාවඩි ප්‍රදේශයේ පවතී සංවර්ධන කමිටු රැස්වීමක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

මිනී පෙට්ටි 182ක් ආදාහනය කලා. මම එතැනින් නවතිනවා. මේ ගැන නිල තොරතුරු තියනවා. සැඟවුණු තොරතුරුත් තියනවා. මේ සෑම දේටම එහා ආණ්ඩුව ඒ පිළිබඳව අපිට ඒ තරම්ම උදව් කළා.

අපේ ගැටළු ඔවුන් තේරුම් අරන් තියෙනවා. ඔවුන්ගේ ගැටළු අපි තේරුම් ගෙන තිබෙනවා.

හදිසියේම මෘතදේහ 39ක් ගෙනාවෙ කොහොමද කියල හිතන්න හොඳ නෑ. මේකට තමයි අපි වැඩ කළේ ” යි ද ඔහු එහිදී පැවසීය.

About The Author