තම රට යුක්රේනයත් සමඟ කෙරෙන යුද්ධයකට ඇද දැමීමට ඇමරිකාව උත්සාහ කරන බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් චෝදනා කරයි.
රුසියාවට තව තවත් සම්බාධක පැනවීමට හේතුවක් වශයෙන් මෙවැනි අසත්‍ය ගැටුමක් නිෂ්පාදනය කිරීම ඇමරිකාවේ ඉලක්කය බව ඔහුගේ අදහසයි.
ඒ අතර ම යුරෝපයේ නේටෝ සන්ධාන හමුදා සම්බන්ධයෙන් රුසියාව දක්වන සැලකිල්ල එක්සත් ජනපදය විසින් නොසලකා හරින බවට ද පුටින් චෝදනා කරයි.
කෙසේ නමුත් එක්සත් ජනපදය සහ එහි නේටෝ සන්ධානයේ හවුල්කරුවන් චෝදනා කරන්නේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට සැලසුම් කරන බව යි. රුසියාව නැවත නැවතත් අදළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් සිටියි.
ඊයේ ()1) එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සිය ට්විටර් ගිණුමෙහි සඳහන් කළේ එක්සත් ජනපදය “කිසිවෙකුගේ අවශ්‍යතාවක් නොවන ගැටුමක් වැළැක්වීම සඳහා කැපවී සිටින” බවයි.
ඔවුන් කෙසේ කීවත් මෑත සතිවල දී රුසියාව විසින් යුද ටැංකි, කාලතුවක්කුවල සිට පතොරම් සහ ගුවන් බලය දක්වා වන සෑම දෙයකින් ම සන්නද්ධ 100,000ක පමණ භට පිරිසක් යුක්රේනයේ දේශසීමා වෙත ගෙන ගොස් ඇත.
ඒ, රුසියාව විසින් යුක්රේනයේ දකුණු ක්‍රිමියා අර්ධද්වීපය ඈඳා ගෙන, නැගෙනහිර ඩොන්බාස් ප්‍රදේශයේ ලේ වැකි කැරැල්ලකට සහාය දීමෙන් වසර අටකට පසුව ය. එහි දී අවම වශයෙන් පුද්ගලයන් 14,000ක් පමණ මිය ගියහ.
මොස්කව් චෝදනා කරන්නේ රුසියානු පිටුබලය ලබන කැරලිකරුවන් විසින් භූමි ප්‍රදේශ විශාල ප්‍රමාණයක් පාලනය කරන නැගෙනහිර ප්‍රදේශයේ සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමට නේටෝ සංවිධානය අපොහොසත් වී ඇති බව යි.
මේ අතර, යුක්රේන ජනාධිපති Volodymyr Zelensky අනතුරු අඟවා සිටින්නේ රුසියාව දෙසින් ආක්‍රමණයක් සිදු වුවහොත්, එය හුදෙක් යුක්රේනය සහ රුසියාව අතර යුද්ධයක් නොව, යුරෝපය පුරා පැතිර යන පූර්ණ පරිමාණ යුද්ධයක් වනු ඇති බව යි.
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්