ප්‍රිමා සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන පිටි වර්ග වලින් රොටි පිටි කිලෝවක මිල රුපියල් 4 කින් අද (01) දින සිට ඉහල නංවා ඇති බව ප්‍රිමා සමාගමේ ඒජන්තවරුන් ප්‍රකාශ කරන බව වාර්තාවනවා.
ආපනශාලා වල රොටි පිටි වලින් ආහාර රැසක් පිලියෙල කරන අතර පාරිභෝගිකයන්ද විශාල වශයෙන් රොටි පිටි මිල දි ගැනීම සිදු කරනවා.
රොටි පිටි වලින් ආපනශාලා හිමියන් කොත්තු රොටි, පොල් රොටි , අල රොටි , බිත්තර රොටි ,පිට්ටු , ඉදි ආප්ප සහ පරාටා වැනි ආහාර ද්‍රව්‍යය පිලියෙල කරනු ලබනවා.
රොටි පිටි කිලෝ 50 ක මිටියක් මිට ප්‍රථම රු 2150 අලෙවි කල අතර , නව මිල අනුව රු 2350 කට රොටි පිටි කිලෝ 50 ක් සහිත මිටියක් අලෙවි කිරිමට සිදු වන බවයි ප්‍රිමා තිරිගු පිටි අලෙවි නියෝජිතයන් පවසනවා.
කෙසේ වෙතත් මෙම මිල ඉහළ යාම පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරිය හරහා අනුමැතිය ලබාගත් බවක් හෝ අනුමැතිය ලබාදුන් බවක් හෝ මේ දක්වා වාර්තා නොවන අතර බොහෝ අවස්ථාවල අදාළ සමගම විසින් තම ඒකාධිකාරී බලය භාවිත කරමින් තිරිඟු පිටි මිල ඉහළ දැමීමේ අවස්ථා රැසක් පසුගිය කාලයේද වාර්තා වුණා.
© රංජිත් රාජපක්ෂ – හැටන්
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට