“සෞභාග්‍යයේ දැක්ම” රාජ්‍ය ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් පරිදි රටේ වනගහනය භූමි ප්‍රමාණයෙන් 30%ක් දක්වා වැඩිකිරීමට අපේක්ෂා කෙරේ. ඊට අනුගතව පරිසර අමාත්‍යාංශය විසින් වැඩසටහන සැලසුම් කෙරිණ.
වායු ගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය අවම කර ගැනීම හා ඔක්සිජන් පරිමාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ඒ ඒ ප්‍රදේශවලට ගැලපෙන පරිදි රුක් රෝපණය කෙරේ. ඉදිරි වසර පහ ඇතුලත පැළ මිලියන 02ක් රෝපණය කිරීමට පරිසර අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, ආරක්ෂක මූලස්ථානය හා ශ්‍රී ලංකා යුද හමුදාව ඒකාබද්ධව වැඩසටහන ක්‍රියාත්මක කරයි.
ජනාධිපතිතුමා අද (20) පෙරවරුවේ බත්තරමුල්ල, මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට ආරක්ෂක මූලස්ථාන පිවිසුම් මාර්ගය අසල පළමු පැළය ලෙස සුදු සඳුන් පැළයක් රෝපණය කළේය.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සහ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ද පැල සිටුවමින් වැඩසටහනට එක් වූහ.
රට පුරා පැළ බෙදා දීම සංකේතවත් කරමින් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකට පැළ බෙදා දෙනු ලැබීය.
පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
© ජනාධිපති මාධ්‍ය අංශය
අත නොහැර කියවන තැන
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක
රාජ්‍ය සේවයේ ගෙවීම් DIGITAL වේදිකාවකට මාරු කෙරේ
ආනන්ද විජේපාල දරන මහජන ආරක්ෂක ඇමති ධූරය සහ ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි පෙත්සමක්