Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පැය විසි හතරට හිනා මුහුණු 23000 ක් මතු කළ ජනාධිපතිතුමන්ගේ කතාව

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා (25) රාත්‍රියේ ජාතිය අමතමින් සිදු කළ කතාව ශ්‍රී ලංකාව තුල පමණක් නොව ලොව පුර බොහෝ දෙනෙකුගේ අවදානය දිනාගත්තා.

කතාවේ අන්ත්ර්ගතයටත් වැඩ බොහෝ දෙනෙකු කතා කළේ අදාළ කතාව පටිගත කර තිබු ආකාරය පිළිබඳවයි.

මේ පිළිබඳ ඊයේ මෙන්ම අද දිනය පුරාද බොහෝ දෙනෙකුගේ කතා බහ නිර්මාණය වූ අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු එය හැදින් වුයේ ඉතා දුර්වල නිෂ්පාදනයක් ලෙසයි.

පැයක කාළ සීමාවද ඉක්මවූ ජනාධිපතිතුමන්ගේ කතාවෙන් පැය 24කට පසු අප ජනාධිපතිවරයාගේම නිල Facebook පිටුවට ප්‍රවේශ වුයේ අදාළ කතාවට ජනතාව දක්වා ඇති ක්ෂණික ප්‍රතිචාර පිළිබඳ සොයා බැලීම සඳහායි.

අන් කවරදාකවත් නොවූ ලෙස එහි දිස්වූ ප්‍රතිඵලයයි මේ.

අදාළ කතාව සඳහා 23000 ඉක්මවූ ග්‍රාහක පිරිසක් ප්‍රතිචාර දක්වා තිබුණේ “😀 ” සිනහවකින්.

එය අනුමත කරමින් සහය ලබාදෙමින් “👍” ප්‍රතිචාර ලැබී තිබුණේ 5500 ට වැඩ වැඩි ප්‍රමාණයක් පමණයි..

” 🧡” සලකුණු 3200 ක් ද පැය 24 සීමාව පසු කරන විට එයට ලැබී තිබුණා.

මේ තුළ පෙනී යන්නේ බොහෝ පිරිසක් ජනාධිපතිතුමන්ගේ කතාව සම්බන්ධයෙන් දක්වා ඇති ප්‍රතිචාරය සුබවාදී එකක් නොවන බවයි.

වරද වුයේ කතාවේ අන්තර්ගතය තුළද නැතිනම් නිෂ්පාදනය තුළද යන්න නිවැරදිව සොයා බලා අවශ්‍ය විසදුම් ගැනීම අදාළ වගකිවයුත්තන්ට පැවරෙනවා.

About The Author