Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පැණි මුට්ටි පසුපස පැන්නූ ලංකාවට ඕඩර් එක මිස් වුණ හැටි මෙන්න..

රුපියල් 1000 එන්නත අතහැර රුපියල් 3000 එන්නත මිලදී ගැනීමට ලංකාවට සිදුවූයේ කාගේ වරදක් නිසාද?

කොරෝනාව ලෝක ආර්ථිකයට සිදු කර ඇති අහිතකර බලපෑම අතිමහත්.

කෙසේ වුවත් ලෝක ආර්ථික චක්‍රය තුළ සංසරණය වන මුල්‍ය සාධකයන් සංසරණය වීම මෙතෙක් අඩාල වී නැහැ.

කොරෝනාවෙන් සාමාන්‍ය ජන ජිවිත කඩ වැටුණද ලොව පුර මහා පරිමාණ මට්ටමින් කොරෝනා අශ්‍රිතව බද්ධ වූ ව්‍යාපාර හේතුවෙන් ඇතැම් පාර්ශව සිය මුල්‍ය මට්ටම් වර්ධනය කර ගනිමින් සිටිනවා.

අනෙක් අතට කොරෝනා මර්ධනය සඳහා සිදු කරන එන්නත්කරන වැඩසටහන සඳහාද මුදල් වියදම් කිරීමට සිදුව ඇති අතර එය ඇතැම් රටවලට දරා ගත හැකි තත්වයක් නොවෙයි.

විශේෂයන්ම ශ්‍රී ලංකාව වැනි නය බරින් මිරිකෙමින් සිටින රටකට එන්නත් මිලදී ගැනීමට සිදුව ඇත්තේද තවත් කුමන හෝ ක්‍රමයකට ණයක් ලබාගෙනයි.

එම තත්වය තුළ ශ්‍රී ලංකාව වැනි රටක් එන්නත් මිලදී ගැනීම වෙනුවෙන් වැය කරන මුදල හැකි තරම් අවම මට්ටමක පවත්වා ගැනීම මෙන්ම මිලදී ගන්නා එන්නත් වල ගුණාත්මක බව පිළිබඳ සැළකිලිමත් වීමත් අතිශයින් වැදගත් වන්නක්.

එවන් වට පිටාවක් තුළ මේ වන විට ශ්‍රී ලංකාවට සිදුව තිබෙන්නේ මිලෙන් සාපේක්ෂව මිලෙන් අධික එන්නත් වන චීනයේ නිෂ්පාදිත Sinopharm එන්නත මිලදී ගැනීමටයි.

මේ අතර ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් පසුගියදා (29) ඔවුන් විසින් නිෂ්පාදනය කරන ලද එනනත් බෙදාහැරීම සම්බන්ධයෙන් වන ලේඛනයක් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

එහි දැක්වෙන පරිදි ඉන්දියාව විසින් මේ වනවිට ලොව පුරා බෙදා හැර ඇති කොවිශීල්ඩ් එන්නත් ප්‍රමාණය ලක්ෂ 663ක්.

ඉන් එන්නත් ලක්ෂ 107ක් ප්‍රදානයන් ලෙස ලබා දී ඇති අතර එන්නත් ලක්ෂ 358ක් මුදලට ලබා දී තිබෙනවා.

එන්නත් ලක්ෂ 198ක් ලබා ද ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ Covax වැඩසටහන සඳහායි.

ලොව පුර රටවල් සඳහා එන්නත් අලෙවි කිරීම ඉන්දියාව විසින් සිදු කර ඇති අයුරු පැහැදිලිව දක්වා ඇති අතර, එලෙස එන්නත් නිකුත් කර ඇත්තේ ඒ ඒ රටවලින් එන්නත් ඇනවුම් කළ ආකාරයන් සහ ප්‍රමාණයන් අනුවයි.

එහිදී ඔවුන් අදාල රටවල් විසින් එන්නත් ඇනවුම් කරන ලද දින සහ කාලවකවානු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

ඒ අනුව එන්නත් කලින් ඇණවුම් කළ රටවලට මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මස වනවිටම මුදලට එන්නත් ලබාදීමට ඉන්දියාව කටයුතු කර ඇති බව පැහැදිලි.

එහිදී බංග්ලාදේශය එන්නත් ලක්ෂ 70ක්, මියන්මාරය එන්නත් ලක්ෂ 20ක්, නේපාලය ලක්ෂ 10ක්, බ්‍රසීලය ලක්ෂ 40ක්, මොරොක්කෝව ලක්ෂ 70ක් මිලදී ගෙන තිබෙනවා.

මේ සියලු රටවල්වලට මෙලෙස ලක්ෂ ගණනින් එන්නත් තොග මිලදී ගැනීමට හැකිවී තිබෙන්නේ ඔවුන් කල්තියා අදාළ එන්නත් ඇනවුම් කර තිබීම හේතුවෙන් බව පැහැදිළි.

නමුත් ලංකාවට සිදුවුයේ කුමක්ද?

නියමිත පරිදි වේලාසනින් එන්නත් ඇණවුම් නොකිරීමේ ප්‍රතිඵලය ලෙස ශ්‍රී ලංකාවට මිලයට ගැනීමට හැකිව ඇත්තේ එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් පමණයි.

ඉන්දියාවෙන් එන්නත් මිලදී ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විවිධ හේතු ඉදිරිපත් කළද ඉන්දියාව විසින් මාර්තු 10 ඉරානයට, මාර්තු 18 මුරුසියස් රාජ්‍යයට, මාර්තු 29 මාලදිවයිනට සහ පලස්තීනයට ද එන්නත් තොග නිකුත් කර තිබෙනවා.

ලංකාවට එන්නත් අවශ්‍ය නොවන බව කී ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු

කොරෝනා වසංගතය ව්‍යාප්ත වෙමින් තිබු 2020 වසරේ අවසන් කාර්තුව වන විට ලොව පුරා රටවල් එන්නත් කරන ක්‍රියාවලිය පිළිබඳ තම අවධානය යොමි කරමින් එන්නත් මිලදී ගනිමින් තම පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර ගනු ලැබුවා,

මේ තත්වය දිගින් දිගටම විපක්ෂය විසින් ආණ්ඩු පක්ෂයට පෙන්වා දෙමින් කටයුතු කරනු ලැබීමද විශේෂත්වයක්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය වසරේ නොවැම්බරයේ මේ පිළිබඳව සෘජුවම පාර්ලි‌‌මේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කළ අතර එයට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ ශ්‍රී ලංකාව මේ වන සාර්ථකව කොරෝනා පාලනය කරමින් යන බැවින් ලංකාවට එනනත් මිලදී ගැනීමට අවශ්‍ය නොවන බවයි.

එමෙන්ම එන්නත් මිලදී ගැනීම අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට ආණ්ඩුව කටයුතු කරන බවත් සඳහන් කළා.

මෙම ප්‍රකාශය සිදු කර සති කිහිපයක් ගත වූ විට ලංකාව විසින් සාර්ථක ලෙස පාලනය කර තිබු කොරෝනාවේ ආසදිතයෙකු බවට වාසුදේව නානායක්කාර මහතා ද පත්වීම දෛවයේ සරදමක් බඳු වුණා.

එමෙන්ම පැණි බීම , දුම් හට්ටි , කලගෙඩි අත්හැරීම් ඇතුළු සකලවිද විගඩම් වලින් අන්ධභූත වූ ජනතාව තව දුරටත් ෆැන්ටසියකට තල්ලු කර දැමුනා.

ඒ තුළ විද්‍යාත්මක පර්යේෂණ ක්‍රමවේද විධිමත් සහ ශක්තිමත් කොට කොරෝනාවට සාර්ථකව මුහුණ දිය හැකි ඖෂධ, එන්නත් මෙරට තුල නිෂ්පාදනය කිරීමේ දේශීය, විදේශීය විද්‍යාත්මක ක්‍රමවේද හෝ ලෝක මට්ටමින් නිපදවා තිබු එන්නත් නිසි වේලාවට මිලදී ගැනීමේ කටයුතු සිදු කිරීමට අදාල කිසිදු නායකයෙකු, පාලකයෙකු හෝ කණ්ඩායමක් සමත් නොවූ බවට නැගෙන චෝදනාව බැහැර කළ නොහැක්කක්.

© මී මැස්සා

මුලාශ්‍ර – ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ එන්නත් බෙදා හැරීම සම්බන්ධ සටහන

About The Author