ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව රැඳී සිටි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාට එරෙහිව නඟා තිබූ චෝදනාවන්වලට නිවැරදිකාරිය බව හිටපු රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (01) ප්‍රකාශ කළාය.
ආගාමික විගාමික පනත ප්‍රකාරව චෝදනා 06ක් යටතේ නඩු 06කට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (01) හිටපු රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මියට චෝදනා පත්‍ර භාර දුන් අවස්ථාවේදී ඇය මෙලෙස ප්‍රකාශ කළාය.
සැකකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥවරුන් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකකයේ නිලධාරීහු සැකකාරියට චෝදනා පත්‍ර භාර දෙනු ලැබූහ.
හිටපු රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මිය මෙම සිද්ධියට අදාළව ඇප මත සිටිමින් ඊයේ (01) අධිකරණය හමුවේ පෙනී සිටියාය.
මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නඩු 06ක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවේ ඉකුත් ජූලි මස 11 වැනිදාය.
ඒ අනුව එලෙස නඩු පවරනු ලැබ තිබුණේ අංක 531/27, කන්ට්‍රිබෙල්ට් බංගලාව, අමරාගොඩ පාර, හෝකන්දර උතුර පදිංචි ඩයනා ගමගේ හෙවත් නයනා සමන්මලී හෙවත් ඩයනා නටාශා කැකනදුර යන අයටය.
නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව මෙම සැකකාරියට එරෙහිව චෝදනා 06ක් යටතේ නඩු 06ක් අධිකරණය හමුවේ ගොනු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.
වර්ෂ 2016ක් වූ ජූලි මස 14 වැනි දින හා වර්ෂ 2017 ජූලි මස 16 වැනි දින අතර කාලය තුළදී ශ්‍රී ලංකාව තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව රැඳී සිටීම සැකකාරියට එරෙහි පළමු චෝදනා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා පත්‍රයේ සඳහන් කර තිබිණි.
වර්ෂ 2017ක් වූ ජූලි මස 07 වැනි දින සහ වර්ෂ 2018ක් වූ ජූලි මස 16 වැනි දින අතර කාලය තුළදී ද වර්ෂ 2018ක් වූ ජූලි මස 17 වැනි දින සහ වර්ෂ 2019ක් වූ ජූලි මස 16 වැනි දින අතර කාලය තුළදී ද වර්ෂ 2019ක් වූ ජූලි මස 17 වැනි දින හා වර්ෂ 2020 ජූලි මස 16 වැනි දින අතර කාලය තුළදී ද වර්ෂ 2020 ජූලි මස 17 වැනි දින සිට සහ වර්ෂ 2020 නොවැම්බර් මස 01 වැනි දින අතර කාලය තුළදී වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටීම යන චෝදනා යටතේ නඩු 06ක් ලෙස සැකකාරියට එරෙහිව චෝදනා නඟා ඇත.
සැකකාරියට එරෙහිව නඟා ඇති හයවැනි චෝදනාව වන්නේ වර්ෂ 2014ක් වූ ජනවාරි මස 20 දින හෝ ඊට ආසන්න දිනයකදී බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට අංක එන් 5091386 දරන විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට ආදළ අයැදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් ආගාමික විගාමික පනත යටතේ වරදක් සිදු කර ඇති බවටය. මෙම සිද්ධියට අදාළව අධිකරණයට ඉදිරිපත් වූ හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය රුපියල් ලක්ෂ 05ක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේ ඉකුත් ජූලි මස 21 වැනිදාය.
එදින සැකකාරියට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කළ මහේස්ත්‍රාත්වරයා නඩුවේ පාර්ශ්වකරුවන්ට සහ නීතිඥ ප්‍රජාවට අගතියක් වන ආකාරයෙන් ප්‍රකාශ නොකරන ලෙසට ද සැකකාරියට තරයේ අවවාද කළේය.
© නිමන්ති රණසිංහ
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි