මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සමඟ විශේෂ සමීප සාකච්ඡාවක
කාදිනල් හිමිපාණන් විසින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණත්වය ඉටු කරවා ගැනීම සදහා ගෙන යන ජාත්‍යන්තර සටනට අවශ්‍ය සියලු සහාය ලබා දීමට ශුද්ධෝත්තම පාප් වහන්සේ් එකගතාව පළ කොට ඇති බව වාර්තාවනවා.
ඊයේ (28) දිනයේදී පාප් වහන්සේ සහ කාදිනල් හිමියන් අතර වතිකානුවේදී පැවැති විශේෂ සාකච්ජාවේදී උන්වහන්සේ මේ බව දැනුම් දී ඇතැයිද සඳහන්.
මෙම හමුව පැයක කාලයක් පුරා පැවැත්වී ඇති බව දැනගන්නට ලැබෙනවා.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ කාදිනල් හිමිපාණන්ට පාප් වහන්සේ වෙතින් හිමිවූ ඉහළ පිළිගැනීමයි.
සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයකු හෝ පල්ලියේ නියෝජිතයකු හෝ වේවා පාප් වහන්සේ මුණගැසීම සිදුකරන රාජකාරි ස්වභාවයෙන් වෙනස් ව මෙම සාකච්ඡාව සිදුව තිබෙන්නේ පාවහන්සේගේ නිල රාජකාරි කාමරයේදී වීම විශේෂත්වයක්.
එහිදී අතිශය සමීපව සහ පුද්ගලිකව මෙම අදහස් හුවමාරු කරගැනීම සිදු කර ගැනීම විශේෂත්වයක්.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්