Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාලකයින් දැන දැනම ජනතාවට වස බොන්නට ඉඩ අරී : පශු සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා පිළිගනී

මෙලමයින් සහ ෆාම් ඔයිල් එක් කරලා : හිතකර පෝෂක ඉවත් කරලා

පිටි කිරි යනු දියර කිරිවල ඇති පෝෂ්‍ය කොටස් ඉවත් කර වියලීමට ලක් කර සාදන සුදු පැහැති පිටි වර්ගයක් යයි පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන, කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්

එනිසා ජනතාව පිටිකිරි භාවිතයෙන් ඉවත් වී දියර කිරි භාවිතයට හුරුවිය යුතු යයිද හෙතෙම පැවසීය.

දියරි කිරි පිටි කිරි බවට පත් කිරීමේදී දියර කිරිවල ඇති ප්‍රෝටීන් වෙනුවට මෙලමයින් එකතු කරන බවත්, මේදය වෙනුවට ෆාම් ඔයිල් එකතු කරන බවත් තවත් බොහෝ පෝෂ්‍ය කොටස් ඉවත් කරන බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.

ඉවත් කරන පෝෂ්‍ය කොටස් වෙනුවට වෙනත් රසායනික ද්‍රව්‍ය පිටිකිරි සදහා එක් කරන බවත් හෙතෙම කියා සිටී.

එම බොහෝ රසායනික ද්‍රව්‍ය ශරීරයට අහිතකර බවත් එනිසා පිටිකිරි භාවිතය සීමා කර හැකිතරම් දියර කිරි සදහා හුරු වියයුතු බවත් පවසන ඔහු තම අමාත්‍යංශයේ වගකීම ජනතාව දියර කිරි භාවිතය සඳහා යොමු කිරීම බවත් සදහන් කළේය.

කිරිපිටි ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර බව ආණ්ඩුවට සම්බන්ධ පාර්ශව ගණනාවක්ම විටින් විට සඳහන් කළා.

ඒ අතරින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදනය මහතා විශේෂයි.

එම කරුණු කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් වගකීම දරන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කර නැහැ.

රාජ්‍ය අමාත්‍යවරයා එසේ අදහස් පළ කළ ද කිරිපිටි සමාගම් සිය වෙළෙඳ දැන්වීම් හරහා පෙන්වා දෙන්නේ කිරිපිටිවල ස්වභාවික කිරිවල අන්තර්ගත පෝෂක පදාර්ථයන් ට අමතරව තවත් එක් කරන ලද පෝෂ පදාර්ථ සහ විටමින් අඩංගු වන බවයි.

එසේනම් අසත්‍ය කරුණු ප්‍රකාශ කරන්නේ කිරිපිටි සමාගම් ද, මාධ්‍යද , දේශපාලකයන් සහ රජයට සම්බන්ධ පිරිස් ද යන කරුණ අසරණ ජනතාවට හෙළි කිරීම ජාතික වගකීමක් නොවන්නේද?

අනිත් වැදගත්ම කරුණ වන්නේ මිල පාලනය කර ගැනීමට ආණ්ඩුව නොහැකි අවස්ථාවලදී මෙවැනි ආකාරයේ අදහස් සමාජගත කිරීමට ආණ්ඩුවේ පිරිස් කටයුතු කිරීමයි.

පාන්පිටි මිල පාලනය කර ගැනීමට නොහැකි වූ අවස්ථාවේ පාන්පිටි ත්‍රස්තවාදයක් බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළ ආකාරය ද අපට අමතක නැහැ.

තිරිගු පිටි ආහාර වෙනුවට සහල් අනුභව කරන්නැයි පැවසූ අය අද පවතින සහල් හිඟය හමුවේ මුනිවත රකිමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා.

අප මීට පෙරද අවස්ථාවක ශ්‍රී ලංකාවට ආනයනය කරන සහල් වල පවතින පිළිකා කාරක අවදානම පිළිබඳ කරුණු හෙළි කළේ මෙරට අංක එකේ විද්‍යාඥවරියකගේ අදහස් උපුටා දක්වමින්.

එවැනි අවදානමක් පවතින මොහොතකයි තවදුරටත් ශ්‍රී ලංකා රජය ආනනය කරන සහල්වල ගුණාත්මක භාවය හෝ සෞඛ්‍යාරක්ෂිත භාවය සම්බන්ධයෙන් අවධානය ලක් නොකරන බවට මියන්මාරය ද කරුණු හෙළිකර තිබුණා.

ඒ ලංකා රජය ඔවුන්ගෙන් මිලදී ගන්නා සහල් සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.

මිනිසුන් කන බොන ආහාර පාන වර්ගවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය නිසි අයුරින් පවත්වාගෙන යාමට රජයට සහ අදාල ආයතනයට නොහැකිනම් එය රටේ ජනතාව මුහුණදෙන ඛේදනීය ඉරණමක් නොවේද?

මෙම ග්‍රහණය කර ගන්නා සියලු දෙනාගේ අවධානය මේ වෙනුවෙන් යොමු වේවා!

About The Author