පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 114 හි විධිවිධාන ප්රාරව නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවරයේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභව පත් කර තිබේ.
නව වැනි පාර්ලිමේන්තුවේ පළමු වැනි සභාවාරයේ දෙවැනි දින සභාවේ කටයුතු අද (21)පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස් වූ අතර සභනායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කාරක සභාව පිළිබඳ සභාවට දැනුම් දුන්නේ ය.
ඒ අනුව අද දින ප.ව 2.00 ට කාරක සභාවේ ප්‍රථම රැස්වීම කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුළත්ව සාමාජිකයින් 12 දෙනෙකුගෙන් තේරීම් කාරක සභාව සමන්විත වෙයි.
අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා දිනේෂ් ගුණවර්ධන , ජොන්ස්ටන් ප්‍රනාන්දු ඩග්ලස් දේවානන්ද ,ඩලස් අලහප්පෙරුම , විමල් වීරවංශ , ප්‍රසන්න රණතුංග ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිල,රවුෆ් හකීම් , විජිත හේරත්, සෙල්වම් අඩෛක්කලනාදන් යන මැති ඇමැතිවරු මීට ඇතුළත්ය.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්