තමන්ට හිතවත් පාතාල නායකයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් උරණ වී ජනාධිපතිවරයෙකු විසින් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ පොලිසියේ විශේෂ ඒකකයක් විසුරුවා හැරීමේ සිදුවීමක් පිළිබඳ කරුණු වාර්තා වනවා.
Mee Massoo TV සමඟ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා විසින් මෙම කරුණු හෙළිකර තිබෙනවා.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපතිධුරය දරන සමයේ ඇයට හිතවත් පාතාල නායකයෙකු වන බැද්දගානේ සංජීව නැමති පුද්ගලයා අත්අඩංගුවට ගැනීම හේතුවෙන් එවකට තමන් රාජකාරී කළ පොලිසියේ විශේෂ ඒකකයක් ජනාධිපතිවරියගේ නියෝගයකට අනුව සී සී කඩ විසුරුවා හැරුණු බවයි ඔහු මෙහිදී සඳහන් කර ඇත්තේ.
අත නොහැර කියවන තැන
1999 ජවිපේ ජනාධිපති අපේක්ෂක මාධ්‍ය හමුවක – ප්‍රේමකීර්ති ඝාතනයත් ජවිපේ ගිණුමට එක්කරයි – රටට වූ හානියට වරද පිළිගනී
තලතා කට අරී – වෙච්චි සන්තෑසිය හෙළිකරයි.. සජබ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් බරපතල කනස්සල්ලක..
සජිත් ජනපති රනිල් අගමැති – රනිල්ට සහ සජිත්ට එක්වන්නැයි දැනුම් දේ – ජනාධිපතිවරණය පිටුපස රාජතාන්ත්‍රික කුමන්ත්‍රණයක් – අනුර පිටුපස බටහිර බලවතෙක්