Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ තරුණ නියෝජනය වැඩි කිරීම සඳහා නව යෝජනාවක් පාර්ලිමේන්තුවට

සියලු මැතිවරණ වලදී තරුණයන්ට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුවට ඇතුළු වීමට පහසුකම් සැලසීම සඳහා, තරුණයන් සඳහා අවම වශයෙන් සියයට 25 ක නාමයෝජනා ලබා දීම සහතික කරන නව නීතිමය ප්‍රතිපාදන සැකසිය යුතු බවට වූ යෝජනාවක් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

සභාව කල්තැබීමේ යෝජනාවක් ලෙස සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

About The Author