Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ප්‍රියමාලිට ප්‍රිය වූ පොලිස් ලොක්කා

ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ වංචනික මුල්‍ය ආයතනයක් පවත්වාගෙන යනු ලැබු තිළිණි ප්‍රියමාලි නම් කාන්තාව විසින් රුපියල් බිලියන 30ක පමණ මුදලක් ප්‍රකෝටිපතියන් රවටා වංචා කර ඇතැ’යි සිදුකරන ලද විමර්ශන වලදී හෙළිවී ඇත.

මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සමග සම්බන්ධ බව කියන පොලිස් නිලධාරියකු ගැන තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

මෙම පොලිස් නිලධාරියා තිළිණි ප්‍රියමාලිට රුපියල් කෝටි ගණනක් ලබාදුන් ව්‍යාපාරිකයකු එම මුදල් ලබා ගැනීමට ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේ ප‍්‍රභූන් එන ස්ථානයක් යයි පවසමින් ඔහු ඉවත්කිරීමට කටයුතු කලේ යයි එම ව්‍යාපාරිකයා ප්‍රකාශ කර ඇත. මේ අනුව පැමිණිල්ලක් ලද පසු මෙම පොලිස් නිලධාරියාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය. එමෙන්ම අප ‘මී මැස්සෝ’ අන්තර්ජාල නාළිකාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වූ ව්‍යාපාරිකයකු විසින්ද මේ පිළිබද තොරතුරු අනාවරණය කර ඇත.

About The Author