හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් රඳවා ගෙන සිටි හමුදා සෙබළියක් ව බේරාගත් බව ඊශ්‍රායල හමුදාව පවසයි.
ගාසා තීරයේ ඊයේ (30) සිදුකළ මෙහෙයුමක් අතරතුරදී එම සෙබළියව බේරාගෙන තිබුණි.
ඔරි මෙගිදිෂ් නම් එම සෙබළිය ව පසුගිය ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කරුවන් විසින් පැහැරගෙන ගොස් ඇති අතර ඔවුන් බාරයේ තවත් ඊශ්‍රායල සහ විදෙස් ජාතිකයින් 230ක් පමණ සිටින බව සඳහන් වෙයි.
මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ භූමි ප්‍රහාර මගින් ඉතිරි ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමට ඔවුන් අපේක්ෂා කරන බවයි.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර