Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ප්‍රංශ දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සොල්දාදුවෙකුට දඬුවම්. 

හිටපු සොල්දාදුවෙකු සහ සුනඛ හසුරුවන්නෙකු වන Nordahl Lelandais නමැත්තා අට හැවිරිදි දැරියක පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වී තිබේ. මෙම පැහැර ගැනීම සිදු වී තිබෙන්නේ දැරිය සිය මව්පියන් සමඟ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වෙමින් සිටි අවස්ථාවක දී ය.

2017 අගෝස්තු මාසයේ දී සිදු වූ Maëlys de Araujo නමැති දැරියගේ ඝාතනය ප්‍රංශය කම්පනයට පත් කළ අතර එතැන් සිට මෙම නඩුව ඉහළ පෙළේ එකක් බවට පත් විය.

නැඟෙනහිර ප්‍රංශයේ අධිකරණය විසින් වරදකරු වෙත අවම වශයෙන් වසර 22ක සිරදඬුවමක් සහිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

එම වසරේ දී ම වයස අවුරුදු හතරක සහ හයක ඥාති සොහොයුරියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ද ඔහු වරදකරු විය.

නඩු විභාගය ආරම්භයේ දී, 39 හැවිරිදි විත්තිකරු කියා සිටියේ ඔහු  දැරිය ඝාතනය කළේ අකමැත්තෙන් බවත්, උසාවියේ දී තමා ඇගේ පවුලේ අයගෙන් සමාව අයැද සිටින බවත් ය.  එනමුත් පසුව ඔහු තම කතාව වෙනස් කරමින් හිතාමතා ම ඝාතනය සිදු කළ බව පිළිගත්තේය.

About The Author