සුදත් සමරවීර ධුරයෙන් ඉවතට – කොරෝනා මඩින සැලසුම අවුල් කළ බවට චෝදනා
විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වසංගත රෝග අංශ ප්‍රධානී ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි සති අන්ත පුවත්පතක් වාර්තාකර තිබෙනවා.
ඒ අනුව ඔහුගේ ධුරය සඳහා වෙනත් ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විශේෂඥවරයෙකු පත්කිරීමට නියමිතව ඇති බවද සඳහන්.
වෛද්‍ය සමරවීර මහතා එම ධුරයෙන් ඉවත් කළද ඔහුගේ ජේෂ්ඨත්වයට ගැලපෙන වෙනත් සුදුසු තනතුරක් ලබා දීමට ද තීන්දු කර ඇති බවයි වාර්තාවන්නේ.
කොරෝනා පාලනයේදී වසංගත රෝග විද්‍යා අංශය මෙතෙක් සිදුකරන ලද බොහෝ නිර්දේශ හා ක්‍රියාමාර්ග ගැන ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයත්, විශේෂඥ වෛද්‍යවරුන් ගණනාවකුත් ජනාධිපතිවරයාටත් සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු දක්වා තිබුණා.
මෙහි ආසන්නතම සිදු වීම වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභපති අනුරුද්ධ පාදෙණිය මහතා විසින් වෛද්‍ය සුදත් සමරවීර මහතා සම්බන්ධයෙන් පසුගියදා එල්ල කළ චෝදනාවයි.
එහිදී වසංගත රෝග විද්‍යා අංශයේ කටයුතු පිළිබඳ දැඩි විවේචනයක් පාදෙණිය මහතා විසින් සිදු කළ අතර වසංගතයට අදාළ බියකරු දත්ත සඟවන බවට චෝදනාවක්ද එල්ල වුණා.
ඒ සියලු චෝදනා මත සිදුකරන ලද මූලික විමර්ශනයකින් පසුව මෙම තීරණය ගෙන ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
කෙසේ නමුත් අප මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී තම අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති වසංගත රෝග විද්‍යා අංශයේ ඉහල නිලධාරියෙකු සඳහන් කළේ සුදත් සමරවීර මහතා ඇතුළු කාර්යමණ්ඩලයට සැම විටම කටුයුතු කිරීමට සිදු වුයේ විවිධ දේශපාලන හා පුද්ගලික බලපෑම් රැසක් මත බවයි.
එමෙන්ම අදාළ අංශයට තම කාර්ය නිසි පරිදි ඉටුකිරීම සඳහා පුර්ණ නිදහස හිමි නොවූ බවද ඔහු පෙන්වා දුන්නා.
වසංගත රෝග විද්‍යා අංශයේ සිටින්නේ අදාළ ක්ෂේත්‍රයේ ප්‍රමාණික දැනුමක් ඇති ප්‍රවීණයන් බවත් අනුරුද්ධ පාදෙණිය වැනි ළමා රෝග විශේෂඥයින්ගේ උවමනා එපා කම් මත මෙවැනි තීරණාත්මක අවස්ථාවක නිලධාරින් මාරු කිරීමට යාම විශාල අවධානමක් බවද සඳහන් කළ ජේෂ්ඨ නිලධාරියා පෙන්වා දුන්නේ සියලු අඩුපාඩු නිලධාරීන්ගේ පිටින් යැවීම කණගාටුදායක බවයි.
කෙසේ වෙතත් කොරෝනා වසංගතයට රට මුහුණ දෙමින් සිටින අවස්ථාවේදී සෞඛ්‍ය අංශයේ ඉහළ නිලතල දරු කිහප දෙනෙකුම එම දුර වලින් ඉවත් කෙරුනේ විවිධ කරුණු දක්වමින්.
අනිල් ජාසිංහ, ජයරුවන් බණ්ඩාර වැනි නම් ඒ අතරින් වඩා ජනප්‍රිය වුණා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට