පරිසරයට හානි කිරීමේ චෝදනා මත මේ වන විට පුද්ගලයන් තුන්සියයකට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
ආනවිලුන්දාව රක්‍ෂිතය ඩෝසර් කිරීම සිදුවීමේ සිට මේ දක්වා පරිසරයට හානි කිරීමේ චෝදනා මත මෙම පිරිසට එරෙහිව අධිකරණයේ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.
පසුගිය මාස කීපය තුළ වන විනාශය හා පරිසර හානි විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇති බැවින් එය වළක්වා ගැනීමට සියලු ගම්මානවල පරිසර කමිටු පිහිටුවීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළා.
තම ප්‍රදේශයේ සිදුවන පරිසර හානි ඒ මොහොතේම අදාළ අංශවලට දැනුම් දීමේ අවස්ථාව මෙම කමිටු හරහා ප්‍රදේශයේ ජනතාවට හිමිවන බවද පරිසර අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට