වැලිගම විවිධ සේවා සමුපකාර සමිතියේ තිබි ඇල්ෆාටොක්සීන් පිළිකාකාරක අඩංගු කල් ඉකුත් වූ පරිප්පු තොගයක් හමුවී ඇති බව වාර්තාවනවා.
වැලිගම ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.එම්.එච් නිහාල් මහතා පවසන්නේ පරිප්පු සාම්පල් කිහිපයක සිදුකළ පරීක්ෂණ වලදී ඒවායේ ඇල්ෆාටොක්සීන් පිළිකා කාරකය අඩංගු බව හෙළි වූ බවයි.
ඒ අනුව වැලිගම විවිධ සේවා සමුපකාර සමිතියේ සඟවා තිබු ඇල්ෆාටොක්සීන් පිළිකාකාරක අඩංගු කල් ඉකුත් වූ පරිප්පු කිලෝ තුන්දහස් එකසිය පනහක් (3150 ) ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.
මෙම පරිප්පු තොගය පිළිබඳ කරුණු අනාවරණය වි ඇත්තේ එම සමිතිය මගින් කල් ඉකුත් වූ යෝගට් විකුණන බවට පාරිභෝගිකයකුගෙන් ලද පැමිණිල්ලක් අනුව කළ පරීක්ෂාවක දී වීම ද විශේෂත්වයක්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට