Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පතල් කාන්තාවෝ අනතුරේ

තම සමාගම යටතේ ඇති පතල් කඳවුරු ආශ්‍රිත ව ස්ත්‍රී දූෂණ හා ලිංගික අතවර සිදු වන බව අවසානයේ දී රියෝ ටින්ටෝ සමාගම විසින් පිළිගෙන තිබේ. ඒ, පසුගිය වසරේ මාර්තු මාසයේදී ඕස්ට්‍රේලියාවේ හිටපු ජාතික ලිංගික වෙනස්කම් කිරීමේ කොමසාරිස් Elizabeth Broderick විසින් සිදු කරන ලද සමාලෝචන වාර්තාවකට ප්‍රතිචාර වශයෙනි.

ඇන්ග්ලෝ – ඕස්ට්‍රේලියානු පතල් කම්කරු සමාගමක් වන වන රියෝ ටින්ටෝ ආයතනය පවසන්නේ එහි සේවය කළ කාන්තා සේවිකාවන් 21 දෙනෙකු පසුගිය වසර පහ තුළ සිය රැකියා ස්ථානයේ දී තමන්ට ස්ත්‍රී දූෂණයක් හෝ ලිංගික අතවරයක් සිදු වූ බව වාර්තා කළ බව යි.

කෙසේ වුවත් රටවල් 35ක් පුරා ක්‍රියාත්මක වන මෙම පතල් සමාගම අදාළ සිදුවීම් හෝ ඒවා සිදු වූ ස්ථානය පිළිබඳ විස්තර ලබා දී නැත.

පසුගිය වසරේ දී බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය ද මෙම ගැටලුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළේය.

ඒ අතරම, තවත් සමාගමක් වන BHP පවසා තිබෙන්නේ, 2019 සිට තම පතල් කඳවුරුවල ලිංගික අතවර සහ හිරිහැර කිරීම් සම්බන්ධයෙන් අවම වශයෙන් කම්කරුවන් 48 දෙනෙකු සේවයෙන් පහ කර ඇති බව යි.

ෆ්ලයි-ඉන්, ෆ්ලයි-අවුට් (FI – FO) කඳවුරු ලෙස හැඳින්වෙන මෙම ප්‍රදේශවල පහරදීම් සිදුවී ඇති බවට තවමත් වාර්තා ලැබී නැතත් ලිංගික හිංසනයන් අඩුවක් නොමැතිව සිදු වන බවට සාක්ෂි තිබේ.

පොදුවේ ගත් කල, රියෝ සමාගමට අයත් පතල් ආශ්‍රිත ව කාන්තාවන්ගෙන් 28% ක් සහ පිරිමින්ගෙන් 7% ක් පමණ ලිංගික හිරිහැරවලට මුහුණ දී ඇත. කෙසේ නමුත් FI – FO වැඩ බිම් සියල්ල ම සලකා ලැබූ කල කාන්තා සේවිකාවන් සඳහා එම අනුපාතය 41% දක්වා වැඩි වේ.

“FI – FO වැඩබිම්වල කාන්තාවෝ කෑම ශාලාවේ සහ ව්‍යායාම් ශාලාවේ දී තමන්ට සිදු වන හිරිහැර වළක්වා ගැනීම සඳහා තම කාමරයේ තනිවම ආහාර ගැනීම, අඳුරෙන් පසු පිටතට යාම, අයහපත් ආලෝකයක් හා දුර්වල ආරක්ෂාවක් ඇති ස්ථානවල රැඳී සිටීම ආදියෙන් වැළකීමට උත්සහ කරති.” යනුවෙන් වාර්තාවේ සඳහන් වේ.

අදාළ වාර්තාවට කාන්තා සේවිකාවන්ගේ නිර්නාමික උපුටා දැක්වීම් ද ඇතුළත් විය:

"අපි නානකාමර පාවිච්චි කරද්දී කොන්ත්‍රාත්කාරයෝ අපි ළඟට එනවා. කාමරයේ අගුල් අරින්න කියලා ඉල්ලනවා. අපිට ආරක්ෂිත ව වැසිකිළියකටවත් යන්න බැහැ."

"කඳවුර ඇතුළේ කාමරයෙන් කාමරයට ඇවිදිමින් පිරිමින් මට ඔවුන් සමඟ බීමට කතා කරනවා. මම ආචාරශීලී ලෙස ප්‍රතික්ෂේප කරනවා. එතකොට මට කුණුහරපෙන් බණිනවා."

"ඔවුන් ආක්‍රමණශීලීයි, බියජනක යි, දවසක් ඔවුන්ගෙන් 5 දෙනෙක් මට කරදර කරන්න හැදුවා. එයාලා විශාල, ශක්තිමත් පිරිමි. ඔවුන් සිටියේ මට පිටතින්. දොර අරින්න උත්සහ කළා. මට අනාරක්ෂිත බවක් දැනුණා."

අදාළ සමාගමේ ශ්‍රම බලකායෙන් ආසන්න වශයෙන් 79% පිරිමි වෙති. පර්යේෂණ වාර්තාවල ලියවී තිබුණේ එම කම්කරුවන්ගෙන් අඩකට ආසන්න පිරිසක් හිරිහැරයට ලක් වන බව යි.

“හානිකර හැසිරීම් බොහෝ විට ඉවසා ගැනීමට සාමාන්‍යකරණය කිරීමට සිදු වේ. අනුක්‍රමික අපරාධකරුවන්ගේ හානිකර හැසිරීම් බොහෝ විට විවෘත රහසකි.” වාර්තා සඳහනක් කරයි.

“මෙම සොයාගැනීම් නිසා අපි දැඩි ලෙස කලබලයට පත් වී ඇති අතර, මෙම හැසිරීම් නිසා පීඩාවට පත් වූ අතීතයේ හෝ වර්තමානයේ සිටින සෑම කණ්ඩායමේ සාමාජිකයෙකුගෙන්ම අපි අවංකවම සමාව අයදිමු.”යි පතල් සමාගම් සඳහන් කළහ

කම්කරුවන් 10,000 ක් පමණ එනම්, පතල් ශ්‍රම බලකායෙන් හතරෙන් එකක් අදාළ පරීක්ෂණයට ප්‍රතිචාර දක්වමින් සමීක්ෂණයට සහභාගී වූහ.

About The Author