බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබූ රටවල් අතුරින් අති උත්කර්ෂවත් ලෙස එය සමරන රටවල් දෙක වන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාවයි. පාකිස්ථානය, මැලේසියාව, කෙන්යාව වැනි රටවල්ද යම් පමණකට මේ අවස්ථාව සමරනවා.
අප සියල්ලන් දන්නා පරිදි ලංකාවේ පෙබරවාරි 4 වන දින බොහෝ දුරට ගාලු මුවදොර පිටියේදී ප්‍රධාන රාජ්‍ය උත්සවය පැවැත්වෙනවා. ජනාධිපති ප්රමුඛ රාජ්‍ය නායකයින්, විදෙස් දූත මන්ඩළ නියෝජිතයන් ඇතුළු පිරිස් මීට සහභගීවනවා. හමුදා සංදර්ශන, උත්තමාචාර, සංස්කෘතික අංග මෙන්ම වෙනත් සම්ප්‍රදායික කලාංග පවා මීට ඇතුලත්. ඊට අමතරව රට පුරා විවිධ සැමරුම්ද සිදු කෙරෙනවා.
ඉන්දියාව ජූලි 15 දින නිදහස් දිනය සමරන අතර එයත් ඉතා විශාල උත්සවයක්. නිදහස් දින සැමරුම දිල්ලි රතු බලකොටුවේදී පැවැත්වෙන අතර රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වය, හමුදා සංදර්ශන සහ සංස්කෘතික වැඩසටහන් ඊට ඇතුලත්. සෑම පාසලකම, රාජ්‍ය ආයතනයකම වගේම පෞද්ගලික ස්ථානවලත් ජාතික කොඩිය ඔසවනු ලැබෙනවා.
ඇමරිකාව ජූලි 4 වනදා නිදහස සමරන අතර ගිනි කෙළි සංදර්ශන, පවුලේ සාද හා සංචාර වැනි දේ ඊට සමගාමීව සිදුවනවා.
ප්‍රංශය ජූලි 14 වැනිදා බැස්ටිල් දිනය (Bastille Day) මැයෙන් ජාතික නිදහස් දිනය සමරන අතර පැරිස් නුවර විශාල හමුදා පෙළපාලියක් පැවැත්වෙනවා.
මෙක්සිකෝව සැප්තැම්බර් 16 නිදහස් දිනය සමරන අතර එහි “El Grito” නම් සම්ප්‍රදායික චාරිත්‍රය සිදු කෙරෙනවා.
ශ්‍රී ලංකාව තරමින් කුඩා රටක් වුනත් නිදහස් දිනය මහත් උත්කර්ෂවත් හා ගාම්භීර ලෙස පවත්වනවා. ඊට විශාල වියදමක්ද දරනවා.
මෙවැනි සැමරීම්වල ධනාත්මක පැති කිහිපයක් තිබෙනවා. ඓතිහාසික අවස්ථා ස්මරණය සහ ඒ වෙනුවෙන් පුරෝගාමීවූවන් පිළිබඳ කෘතෝපාහාර දැක්වීම ඉන් ප්‍රධානයි. ජාතික අනන්‍යතාව ශක්තිමත් කොට ජාතික සමගිය වර්ධනය කිරීමටත් මෙය අවස්ථාවක් කරගත හැකියි.
මේ නිසා නිදහස් දින සැමරුමක් හුදු චාරිත්‍රයක් බවට පත්වීම පමණක් ප්‍රමාණවත් නැහැ. එමගින් වර්තමාන ගැටලු සහ අභියෝග ගැන සාකච්ඡා කිරීමට ඇති අවස්ථා අහිමි විය හැකියි. එමෙන්ම එය මුදල් නාස්තියක් පමණක්ද වෙන්න පුළුවන්.
නිදහස් සැමරුම අර්ථවත් වන්නේ එය හුදෙක් උත්සවයක් පමණක් වීමෙන් නොනැවතී අතීතයෙන් පාඩම් ඉගෙන ගැනීමට, වර්තමාන අභියෝග හඳුනාගැනීමට මෙන්ම අනාගතය වෙනුවෙන් සැලසුම් කිරීමට අවස්ථාවක් කර ගැනීමෙන් පමණයි. අළුත් ආණ්ඩුව හෝ මේ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්.
© මහින්ද රූබසිංග – ලන්ඩනයේ සිට ලියයි
අත නොහැර කියවන තැන
මේ ගුරු පාරේ මේ දොළ අයිනේ අපේ රහස් ඇත සැඟවීලා
ඉදිරි දශකය තුළ ශ්‍රී ලාංකේය අධ්‍යාපනය කෙසේ වෙනස් විය යුතු ද?
ජනාධිපති ගෝඨාභයගේ සල්ලි මල්ලට මොකද වුණේ ?