බළන්ගොඩ නගර සභාවේ ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රී වරයෙකු විසින් මාසික සභා රැස්වීමට රම්බෝ වර්ගයේ උල් පිහියක් රැගෙන ප්රදර්ශනය කිරීමෙන් නොසන්සුන්තාවයක් ඇති වූ බව වාර්තා වනවා.
පසුගියදා (13) පැවති එම නගර සභාවේ මාසික රැස්වීම නගරාධිපති වසන්ත කුමාර ගුණරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවැත් වී ඇත ඊට සහභාගි වූ අදාළ මන්ත්රීවරයා තම සරමට යටින් කකුලේ ගසා තිබූ උල් පිහිය සභාවට ප්රදර්ශනය කර අත බවයි දැනගන්නට ඇත්තේ.
එම අවස්ථාවේ වෙනත් මන්ත්රීවරයකු ඔහුගෙන් පිහිය ඉල්ලාගෙන සන්සුන් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මන්ත්රීවරයා පිටව ගිය පසු අදහස් දැක්වූ මන්ත්රීවරුන් පෙන්වා දී ඇත්තේ ජේෂ්ඨ මන්ත්රීවරුන් මේ ආකාරයට සභාවට අවිආයුධ රැගෙන පැමිණීම තම ජීවිතවලට මහත් තර්ජනයක් බවයි.
© Lanka C News
අත නොහැර කියවන තැන
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි
රනිල්ට උදව් කරන්නැයි ගෝටා මට කතා කර කිව්වා – මේ ගහන ගේම් ජනතාව හොදින් අවබෝධ කරගන්න
රනිල් කරපු දෙයක් නෑ – ඔහු මහා කුමන්ත්රණකරුවෙක් – රනිල්ගේ එකම ප්රතිපත්තිය “රනිල්” – 21 නාමල්ටත් පැරදිලා ගෙදරම යනවා