බළන්ගොඩ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී වරයෙකු විසින් මාසික සභා රැස්වීමට රම්බෝ වර්ගයේ උල් පිහියක් රැගෙන ප්‍රදර්ශනය කිරීමෙන් නොසන්සුන්තාවයක් ඇති වූ බව වාර්තා වනවා.
පසුගියදා (13) පැවති එම නගර සභාවේ මාසික රැස්වීම නගරාධිපති වසන්ත කුමාර ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වී ඇත ඊට සහභාගි වූ අදාළ මන්ත්‍රීවරයා තම සරමට යටින් කකුලේ ගසා තිබූ උල් පිහිය සභාවට ප්‍රදර්ශනය කර අත බවයි දැනගන්නට ඇත්තේ.
එම අවස්ථාවේ වෙනත් මන්ත්‍රීවරයකු ඔහුගෙන් පිහිය ඉල්ලාගෙන සන්සුන් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මන්ත්‍රීවරයා පිටව ගිය පසු අදහස් දැක්වූ මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ ජේෂ්ඨ මන්ත්‍රීවරුන් මේ ආකාරයට සභාවට අවිආයුධ රැගෙන පැමිණීම තම ජීවිතවලට මහත් තර්ජනයක් බවයි.
© Lanka C News


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට