දෙමළ ජාතික සන්ධානය හා උතුරු නැගෙනහිර පළාත්වල සිවිල් සංවිධාන 75 වන ජාතික නිදහස් උළෙල දිනය කලූ කොඩි දිනයක් වශයෙන් සැමරීමටත් තීරණය කර ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පවසයි.
ශ්‍රී ලංකාව 75 වන නිදහස් දිනය සමරනු ලැබුවත් දෙමළ ජනතාවට නිදහසක් ලැබී නොමැති නිසා එළැඹෙන පෙබරවාරි මස 04 වනදා මෙරට දෙමළ ජනතාව වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය එදින කලූ කොඩි දිනයක් වශයෙන් සැමරීමට තීරණය කර ඇති බව ද ඔහු කියයි.
අපගේ රටට නිදහස ලැබී වසර 75 ක් වෙනවා. ඊට වසර 25 කට පෙර මෙරටට නිදහස ලැබිය යුතු යැයි ඉල්ලමින් අරගල කළ ජාතික වීරයින් අතරේ දෙමළ ජාතිකයනුත් සිටිනවා. නිදහස වෙනුවෙන් එසේ අරගල කරනු ලැබුවේ සියලූම ජාතීන් නියෝජනය කළ නායකයන්. අපට නිදහස ලැබුණේ එයාකාරයෙනුයි.
අත නොහැර කියවන තැන
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක
රාජ්ය සේවයේ ගෙවීම් DIGITAL වේදිකාවකට මාරු කෙරේ
ආනන්ද විජේපාල දරන මහජන ආරක්ෂක ඇමති ධූරය සහ ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි පෙත්සමක්