Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නෑ නෑ ඔන්න ආයිත් ගහනවලු

දෙවන මාත්‍රාව ලබා දීමට අවශ්‍ය වන බැවින් තව කාලිකව කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩ පිළිවෙල නතර කර දැමීමට අද පෙරවරුවේ තීරණය වූ බව වාර්තා වුණා.

කෙසේ නමුත් අද සවස වන විට මෙම තීරණය නැවත වෙනස් කර ඇති අතර වයස 60 වැඩි අවදානම් සහිත ප්‍රදේශ වල ජීවත්වන ජේෂ්ඨ පුරවැසියන් සඳහා එන්නත ලබා දීමට තීරණය වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා තහවුරු කළා.

ඔහු සඳහන් කලේ මේ වන විට කොරෝනා මර්ධන කොවිශීල්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත් දොළොස් ලක්ෂ හට හතර දහසක් මෙරටට ලැබී ඇති බවයි.

ඉන් එන්නත් නමලක්ෂ විසිතුන් දහස් නමසිය පනස් හතරක් එන්නත් කර අවසන් බවද සඳහන් කළා.

කෙසේ වෙතත් දෙවන මාත්‍රාව ලබා දීම සඳහා අවශ්‍ය එන්නත් තොග මේ වන විට ශ්‍රී ලංකාවට ලැබී නැති බව පෙන්වා දුන් වෛද්‍ය සමරවීර මහතා, කෙසේ වෙතත් ඉතිරිව ඇති එන්නත් ලක්ෂ තුනකට වැඩි ප්‍රමාණය ද ජනතවට ලබා දීමට තීරණය වූ බවද සඳහන් කළා.

About The Author