අධි සුඛෝපභෝගී සංචාරක නෞකා දෙකෙන් පසුගිය නොවැම්බර් 30 සහ දෙසැම්බර් මස 5 මෙරටට පැමිණි සංචාරකයින් පිරිස නිසා වනජීවී දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක් ලැබී ඇතැයි කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඒ අනුව නොවැම්බර් මස 30 පැමිණි නෞකාවේ සිටි විදේශීය සංචාරකයින් 551ක් දෙනෙක් වාහන 110කින් යාල වනෝද්‍යානය නැරඹීම සඳහා පැමිණි බවද එදින වනජීවී දෙපාර්තමේන්තුව ලද ආදායම රුපියල් 6,219,560 ක් බව අමාත්‍යාංශය පවසයි.
දෙසැම්බර් 5 දින පැමිණි නෞකාවේ සිටි සංචාරකයින් 86 දෙනෙක් වාහන 18කින් යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණ ඇති අතර එමගින් ලද ආදායම 9,81,981ක් බව අමාත්‍යාංශය පවසයි.
විදේශීය සංචාරකයින් පැමිණෙන අවස්ථාවන් හිදී ඔවුන්ට යාල වනෝද්‍යානය නැරඹීම සඳහා ප්‍රවේශපත් නිකුත් කරන කවුළු වැඩි ප්‍රමාණයක් විවෘත කර තබන්නැයි අමාත්‍යවරයා වනජීවී දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට