Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නැනෝ නයිට්‍රජන් ගෙන්වීමට රුපියල් කෝටි 862 ක් වියදම් කරලා

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද ‘නයිට්‍රො රජා’ දියර පොහොර සඳහා රුපියල් කෝටි 862ක් වැය වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

මෙම දියර පොහොර ලීටර විසි එක් ලක්ෂ විසි පන්දහසක් ආනයනය කරවීමට සැලසුම් කර තිබූ බවත් ඉන්න ලීටර් 153227ක් ජනවාරි 31 වැනි දින දක්වා ආනයනය කරන ලද බවද අමාත්‍යවරයා පැවසුවා.

ආනයනය කරන ලද එම දියර පොහොර මහ කන්නයේ භාවිතා කිරීමට ගොවීන් අතර බෙදා දී ඇතැයි ද හෙතෙම සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් මතු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

මේ සම්බන්ධයෙන් විශාල කතාබහක් නිර්මාණය වූ අතර මෙහිදී විශාල මුල්‍ය වංචාවක් සිදුව ඇති බවට විවිධ පාර්ශව විසින් කරුණු පෙන්වා දී තිබුණා.

About The Author