Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නායකත්වය වගකිව යුතු බව පවසමින් දේශපාලන විද්‍යා මහ ඇදුරිඳු මහාචාර්ය සොයිසා එජාපය හැරයයි

එක්සත් ජාතික පක්ෂයේ වසර තිස් පහකට ආසන්න කාලයක් සාමාජිකත්වය දරමින් කටයුතු කළ මෙරට කීර්තිමත් දේශපාලන විද්‍යා මහාචාර්යවරයෙකු වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය එම්.ඕ.ඒ ද සොයිසා මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත්ව තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබන මහාචාර්යවරයා සඳහන් කරන්නේ වසර තිස් පහකට ආසන්න කාලයක් තිස්සේ තමන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරමින් කටයුතු කළ බවයි.

එලෙස කටයුතු කළ පක්ෂයෙන් ඉවත් වීම තමන් තීරණය කළ බවත් ඒ සඳහා පක්ෂ නායකත්වය වගකිවයුතු බවත් මහාචාර්ය සොයිසා මහතා සිය ෆේස්බුක් සටහනෙහි දක්වා තිබෙනවා.

ඔහු එක්සත් ජාතික පක්ෂයේ අනුබද්ධ සංවිධානයක් වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ද ඉහළ නිලතල කීපයක්ම හොබවා තිබෙනවා.

About The Author