දින 24ක් තිස්සේ ආහාර ප්‍රතික්ෂේප කිරීමෙන් පසු අද දිනයේ දී සිය උපවාසය අවසන් කරන බව රුසියාවේ ප්‍රධාන විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි ප්‍රකාශ කර තිබේ.
පැය කිහිපයකට පෙර ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරු ඔහුගේ ජීවිතය හා සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා ආහාර ගන්නා ලෙස ඉල්ලා සිටියහ.
අසාධාරණ ලෙස අත්අඩංගුවට ගනු ලැබූ තමා හට වඩා හොඳ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉල්ලා පසුගිය මාර්තු 31 වන දින නවාල්නි ආහාර ප්‍රතික්ෂේප කිරීම ආරම්භ කළේය.
මේ වන විට සිවිල් වෛද්‍යවරුන් විසින් දෙවරක් තමා පරීක්ෂාවට ලක් කොට ඇති බවත්, සිය ශරීර තත්ත්වය සැලකිල්ලට ගනිමින් උපවාසය අවසන් කරන බවත් ඔහු පැවසීය.
මෙම ක්‍රියාවලිය ක්‍රමයෙන් සිදුවන බව ඉන්ස්ටග්‍රෑම් සටහනක සඳහන් වේ.
ඔහුගේ වෛද්‍යවරුන් විසින් පසුගිය සති අන්තයේ දී අනතුරු ඇඟවූයේ මෙලෙස උපවාස කළහොත් ඔහු ඕනෑම මොහොතක මිය යා හැකි බව යි. තව දුරටත් සාගින්නෙන් පෙළීම හරහා නවාල්නිගේ සිරුරට සැලකිය යුතු තරමේ හානියක් විය හැකි බවත්, එය ම ඔහුගේ මරණයට හේතු විය හැකි බවත් බ්‍රහස්පතින්දා අගභාගයේ දී ඔහුට අනතුරු අඟවා තිබිණි.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර