Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නවලෝකේ කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල බොරු – ගුවන් මගීන්ගේ ජිවිතත් අනතුරේ – චීනය ප්‍රතිචාර දක්වයි, රෝහල ලැයිස්තුවෙන් ඉවත් කරයි

නවලෝක රෝහල හරහා සිදුකරන ලද PCR සහ IgM anti-body  පරීක්ෂණ වල ප්‍රතිඵල සාවද්‍ය බව තහවුරු වීමෙන් පසු අදාළ රෝහලෙන් සේවා ලබා ගැනීම නවතා දැමීමට චීන තානාපති කාර්යාලය තීරණය කර තිබෙනවා.

චීන තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ අදාළ රෝහල හරහා PCR සහ IgM anti-body  පරීක්ෂණ සිදු කොට අදාළ ප්‍රතිඵල කොරෝනා අසාදිත නොවන බව තහවුරු කර තිබූ ගුවන් මගීන් කිහිපදෙනෙකුම චීනයට යාමෙන් පසු එරටදී සිදු කළ පරීක්ෂණ වලදී කොරෝනා ආසදියන් බව හෙළි වී ඇති බවයි.

මේ හේතුවෙන් චීනයට යන සියළුම මගීන්ගේ සෞඛ්‍යාරක්ෂාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් නව ලෝක රෝහල කොරෝනා ආශ්‍රිත PCR සහ IgM anti-body  පරීක්ෂණ සිදු කිරීම සඳහා අනුමත කර තිබු පුද්ගලික රෝහල් ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙනවා.

වාර්තා වන අන්දමට ආසාදිතයන් ආසාදිතයන් නොවන බව තීරණය කිරීම හේතුවෙන් අදාළ ආසාදිතයන් සමග එකම ගුවන් යානයේ චීනය බලා ගිය සෙසු ගුවන් මගීන් ද බරපතල සෞඛ්‍ය අවදානමකට ලක්ව තිබෙනවා.

About The Author