සජබෙ ඔප්පුව තමන්ගේ අතේ ඇති බවත් මතක් කර දෙයි
සමගි ජන බලවේගය නැමැති නිවසේ ඔප්පුව තිබෙන්නේ තමාගේ අතේ බව පක්ෂයේ සියලු දෙනා හොඳින් සිහියේ තබා ගත යුතු බව එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පවසනවා.
අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඇය මේ බව සඳහන් කළා.
මහ වැස්සකට නන්නත්තාර වී සිටි පිරිසකට තමාගේ ගෙදර නොතෙමී ඉන්න ඉඩ දුන් බව කී ඩයනා ගමගේ මහත්මිය දැන් එම නිවසේ යතුරු මාරු කර ඒ ගෙදර ඔවුන්ගේ යැයි කියන එන බවද පැවසුවා.
තවමත් පක්ෂයෙ අයිතිකරුවා ලෙස තමා සිටින බවද ඩයනා ගමගේ මහත්මිය මෙහිදී සදහන් කළේ සමගි ජන බලවේගයේ ඔප්පුව තමා සතු බව පවසමින්.
තමා පක්ෂයෙන් නෙරපා ඇතැයි ප්‍රකාශ කරන සමගි ජන බලවේගයේ මහ ලේකම් ගැන ලැජ්ජාවට පත්වන බව කී ඩයනා ගමගේ මහත්මිය තමා ඉවත් කළ බව පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අය වත් නොදන්නා බවද සඳහන් කළාය.
” මේ අය හැසිරෙන්නේ බබාලා වගේ.මේ පක්ෂය මගේ මහත්තයාගේ සහ මගේ.මේ කරන විහිළු නවත්වන්න. සමගි ජන බලවේගයේ ඇතිවෙන්න ප්‍රශ්න තිබෙනවා .ඒ පක්ෂය කෑලි වලට කැඩිලා.නායකයාට වැඩ පිළිවෙලක් නැතැයි පක්ෂයේ අය ම කියනවා.ඇතැමුන් සේනාංක හදා ගෙන ගොස් තිබෙනවා.මෙතැන ඉන්න අය බාගෙට බාගයක් ඇවිත් තිබෙන්නේ මගේ පක්ෂය නිසයි. එසේ නැතිනම් ගොඩක් අයට නාමයෝජනා ලැබෙන්නේ නැහැ.පක්ෂය අයිති සාමාජිකයා වන ලෙස මම හැමදාම සමගි ජන ජනබලවේගයේ ඉන්නවා.අනෙක් අය වගේ මා පඹයෙක් ලෙස නටවන්න හැකිවන්නේ නැහැ මා එසේ නටන්නෙත් නැහැ”
යනුවෙන්ද ඩයනා ගමගේ මහත්මිය මෙහිදී සඳහන් කළා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි