Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දේශබන්දු ඇතුළු පොලිස් ප්‍රධානීන්ට ආගමික නායකයින්ගේ විරෝධය

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වලට ජාති වාදය සහ ආගම් වාදය පටලවන්න එපා යැයි දැනුම් දෙයි

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පලකල අදහස් සම්බන්ධයෙන් ආගමික නායකයන් විරෝධය පළකර තිබෙනවා.

අදාළ ප්‍රහාරයට පොලිස් නිලධාරීන් පිරිසකට වරද පැටවීමට උත්සාහ කිරීමක් සිදු කරමින් ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් මහනුවර හා අනුරාධපුර ගොස් මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට පසුගියදා කටයුතු කර තිබුණා.

මේ පිළිබඳව විරෝධය පළකරමින් නිවේදනයක් නිකුත් කරන සර්වාගමික නායකයන් සඳහන් කරන්නේ අදාළ විමර්ශන කටයුතු ජාතිවාදී හා ආගම්වාදී තලයකට තල්ලු කිරීමේ අරමුණක් පෙනෙන්නට ඇති බවයි.

මෙම ප්‍රකාශයන් තුළ පරීක්ෂණ කටයුතු වෙනතකට යොමු කිරීමේ පහත් අරමුණක් ඇති බවයි.

අදාළ නිවේදනය පහළින්..

සබැඳි පුවත් “පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිසමෙන් අපට අසාධාරණයක් වෙලා” පොලිසියේ ඉහළම නිලධාරීන් පිරිසක් අස්ගිරි මහනාහිමිට දුක කියයි

About The Author