කට උත්තර නැති වූ නිලධාරීන් අසරණ වෙයි : පොලිසිය වැඩකලේ සෞඛ්‍ය අංශයේ උපදෙස් මත බව විෂය භාර ඇමති කියයි
සමගි ජන බලවේගය පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ රැසක් සහ ජනතා සංවිධාන රැසක් එක්ව කොළඹ දී පැවැත්වූ විරෝධතාවයට සහභාගී වීම සඳහා පැමිණි ජනතාවට අවහිර කරමින් කටයුතු කළ පොලිස් නිලධාරීන් මේ වන බරපතළ අර්බුදයකට මුහුණ පා තිබෙනවා.
ජනතාව සතු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ඔවුන් මාර්ගයේ ගමන් කිරීම පවා වැළැක්වීමට පොලිස් නිලධාරීන් කටයුතු කළ අතර මාර්ගය අවහිර කිරීම සම්බන්ධයෙන් සාධාරණයක් නීතිමය තත්ත්වයක් හෙළි කිරීමට පවා ඔවුන්ට නොහැකිව තිබෙනවා.
මේ තත්ත්වය තුළ ජනතාවගේ ප්‍රශ්න කිරීම් හමුවේ පොලිස් නිලධාරීන් රැසක් අන්ත අසරණ තත්ත්වයට පත්වන අයුරු අන්තර්ජාලයට නිකුත් වූ වීඩියෝ දර්ශන රැසක දක්නට ලැබුණා.
කොරෝනා නිරෝධායන නීතිවලට මුවා වෙමින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් අභියෝග කිරීමට කිසිවෙකුට හැකියාවක් නොමැති අතර මෙම අවස්ථාවේදී නිරෝධායන නීතිය අවභාවිතයට ලක් කළ බවට වන චෝදනාවක්ද රජයට එල්ල වී තිබෙනවා.
මේ අතර තුර විපක්ෂය විසින් පොලිසියේ හැසිරීම අධිකරණය ඉදිරියේ ද අභියෝගයට ලක්කර තිබෙනවා.
කොළඹ පැවති විරෝධතාවය සඳහා ජනතාව ප්‍රවාහනයට සුදානම් වූ බස් රථ හිමියන් වෙත ගොස් තර්ජනාත්මක ස්වරුපයෙන් අදාළ ප්‍රවාහන පහසුකම් ලබානොදෙන ලෙස සිදු කළ බලපෑම් පිළිබඳවද මේ වන විට කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.
මේ තත්වය තුළ පොලිස් නිලධාරීන් තම වෘත්තීය සම්බන්ධයෙන් දැඩි කලකිරීමකින් පසුවන බවයි වාර්තාවන්නේ.
අනීතික කටයුතු සඳහා දේශපාලන උවමනාවන් මත මැදිහත් වන්නට තමන්ට සිදුව ඈති බවත් යම් දිනක ස්වාධීන පරීක්ෂණයක් පවත්වුණහොත් තමන්ට රාජකාරිය වශයෙන් විවිධ දඩුවම් වලට යටත් වීමට සිදු වනු ඇති බවත් ඔවුන් පවසනවා.
විපක්ෂය පසුගියදා (17) පාර්ලිමේන්තුවේදී මේ පිළිබද විරෝධතාවය පලකළා.
ආණ්ඩුවේ ප්‍රතිචාරය
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විෂය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසන්නේ පොලිස් නිලධාරීන් කටයුතු කළේ සෞඛ්‍ය අංශයේ උපදෙස් මත බවයි.
කිසිදු දේශපාලන බලපෑමකට පොලිසිය නතු නොවූ බවද ඔහු අවධාරණය කරනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි